Monday, September 29, 2014

Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීම 1 කොටස




Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීම
Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීම
ඇන්ඩ්‍රොයිඩ් යනු, Smart ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක සඳහා අතිශය ජනප්‍රිය වූ මෙහෙයුම් පද්ධතියකි.
එහෙත් ඉන් ඔබ්බට ගොස්,
ඔබේ පරිගණකයටත් මෙම මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ කර ගත හැකි බව ඔබ දන්නවා ද?
එවිට එම පරිගණකයෙහි එකිනෙකට වෙනස් මෙහෙයුම්
පද්ධති දෙකක් ක්‍රියාත්මක වනු ඇත.

මේ පිළිබඳ ව අවධානය යොමු කර ඇත්තේ Intel සමාගම යි. Windows 8 සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක ම ක්‍රියාත්මක
වන පරිගණක පිළිබඳ ව ඔවුන් අත්හදා බලමින් සිටින අතර, මෙම පහසුකම ලබා ගැනීමට ඔබට නව පරිගණකයක් මිලට ගැනීමට සිදු නො වේ.
පහත ක්‍රම යොදා ගැනීමෙන්, ඇන්ඩ්රොඩයිඩ් apps පමණක් නොව එම මෙහෙයුම් පද්ධතිය පවා පරිගණකයෙහි ධාවනය කරවීමට ඔබට
අවස්ථාව ලැබෙනු ඇත.

 එහෙනම් අපි බලමු කොහොමද ඔබගේ මෙහෙයුම් පදතිය තිබියදීම Android install  කර ගන්නා ආකාරය.
 පහත මම දාලා තියෙන ක්‍රම ඔක්කොම සෑම windows මෙහෙයුම් පදතියක් සමගම වැඩ කරනව.

1. BlueStacks

Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීමට ඇති පහසු ම ක්රසමය ලෙස මෙය හඳුනා ගත හැකි ය.
මෙහි දී සිදු වනුයේ මෙහෙයුම් පද්ධතිය වෙනස් කිරීමක් නොව, එය එසේ ම තිබිය දී Android apps ක්‍රියාත්මක වන්නට සැලැස්වීමකි.
Google Play වෙතින් ඉතා පහසුවෙන් apps install කර ගැනීම සඳහා අවසර ලබා දීම මෙහි දී සිදු වන අතර, එම apps ක්‍රියාත්මක
වීම ද මනා කාර්යක්ෂමතාවකින් යුතු ව සිදු වෙයි. ඔබට අවශ්‍යද වන්නේ Android apps ක්‍රියාත්මක කරවීම නම්, මෙය ඒ සඳහා වඩාත් උචිත විසඳුම වනු ඇත.

                        ***Blue Stacks download කර ගන්න මෙතන කොටන්න***

2.Official Android Emulator


Android SDK පහසුකමෙහි කොටසක් ලෙස මෙම පහසුකම ද ඔබට ලැබේ. මෙහි දී, Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය
ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එසේ ම මෙය, සම්පූර්ණ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ අයිතිය ඔබට ලබා දීමකි. දිනපතා භාවිතයට
මෙය සුදුසු නොවන්නේ එහි කාර්යක්ෂමතාව අවම මට්ටමක පැවතීම නිසා ය. නව apps පරීක්ෂා කිරීම වැනි සුළු කටයුතු සඳහා මෙය භාවිත කරනු විනා,
බොහෝ වේලාවක් මුළුල්ලේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් උදෙසා මෙය සුදුසු නොවනු ඇත.
Google වෙතින් ලබා දෙන Android SDK පහසුකම download කර SDK Manager වෙත පිවිස, Tools > Manage AVDs ඔස්සේ New button යන්න click
කර මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ගැනීම සිදු කළ හැකි අතර, Start button එක ඔස්සේ එය ක්‍රියාත්මක කළ හැකි වේ.

                                     ***Official Android Emulator download***


3.Android-x86

Intel සහ AMD ප්‍රොසෙසර සහිත ලැප්ටොප් හෝ ටැබ්ලට් පරිගණකවල Windows හෝ Linux මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන විට
ඇන්ඩ්රොියිඩ් මෙහෙයුම් පද්ධතිය ද ක්රිoයාත්මක කරවීමේ හැකියාව මෙමගින් ලැබේ. අඩු බලයකින් ක්‍රියාත්මක වන Notebooks සඳහා ද
මෙය යොදා ගත හැකි ය. ASUS Eee PCs,Viewsonic Viewpad 10, Del Inspiron Mini Duo, Samsung Q1U, Viliv S5,
Lenovo ThinkPad වැනි උපකරණ කිහිපයකට පමණක් සීමා වී ඇති මෙම පහසුකමෙහි කාර්යක්ෂමතාව ඉහළ අගයක් ගන්නා බවක් දැක ගත නොහැකි ය.

                                            *** Android-x86 download***

4.youwave

  මෙයද    bluestack වැනිම වඩසටහනකි.  app      download  පහසුකම් සහිතයි.

                                                 *** youwave download***

4.Android on Intel Architecture

මෙනමින් හැඳින්වෙන පහසුකම යටතේ සිදු වන්නේ, UEFI firmware එක සහිත නව Intel පරිගණකවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම්
පද්ධතිය ක්‍රියාත්මක වන්නට සැලැස්වීම යි. එවිට ඔබ ගේ ලැප්ටොප් හෝ ටැබ්ලට් පරිගණකය, මෙහෙයුම් පද්ධති දෙකකින් යුක්ත වනු ඇත.

මෙය සැම උපකරණයක ම ක්‍රියාත්මක වන පහසුකමක් නොවන අතර, මේ වන විට දැක ගත හැකි ව ඇත්තේ Samsung XE700T, Acer Iconia W700,
Lenovo X220T සහ X230T යන උපකරණවල පමණක් ක්‍රියාත්මක වන බවකි. අනාගතයේ දී මෙම පහසුකම තවත් වර්ධනය කෙරෙනු ඇත.


***මෙම ක්‍රම හතරෙන් ඔබ ගේ අවශ්‍යතාවට ගැළපෙන ක්‍රමය තෝරා ගැනීමේ වගකීම ඔබ සතු වේ. නිදසුනක් වශයෙන් ගත් කල,
ඇන්ඩ්‍රොයිඩ් apps පමණක් අවශ්‍ය වන ඔබට මේ අතුරින් පළමු ක්රවමය වඩාත් පහසුවෙන් අනුගමනය කළ හැකි වේ.

Location: Colombo, Sri Lanka

0 comments:

Post a Comment