Tuesday, February 3, 2015

ලොව ශක්තිමත්ම ජීවියා ලෙස කැරපොත්තා නම් කරයි!

ලොව ශක්තිමත්ම ජීවියා ලෙස කැරපොත්තා
ලොව ශක්තිමත්ම ජීවියා ලෙස කැරපොත්තා නම් කරයි!



යලුවනේ....... 

ඔන්න මම අද ඔයාලා කවදාවත් අහපු නැති අලුත් ම අලුත් දෙයක් අරගෙන අදත් ඔයාලව බලන්න ආවා. මේ ටිකේම අලුත් Post එකක් දාපු නැති නිසා බ්ලොග් එකට Visit  හොදටම අඩු වෙලා. ඒක නිසා තමයි පාඩම් කරන ගමන් හම්බු උන පොඩී විවේක කාලයක් පාවිච්චි කරලා මේ Post එක ලියන්නේ. Visit අඩු උනාම හිතට හරි නෑ වගේ. 


අද ඔයාලට කියන්න යන්නේ ඔයාලා කලින් අහපු නැති දෙයක් කියලා ඔයාලට හොදටම විශ්වාසයි. අද කියන්න යන්නේ බොරුවක්ද කියලා ඔයාලට මේ Post එකේ මාතෘකාව දැක්කම හිතෙන්න ඇති. 

නෑ නෑ මේ කියන්න යන්නේ කැරපොත්තා ගැන මෙච්චර කාලයක් ඔයාලා නොදැන හිටපු දේවල් ගොඩාක් ගැනයි. 


කැරපොත්තා ඊ....... ඊ....... ඊ ........


සමහර විට එහෙම හිතෙන්න ඇති.  නේද?????

ඇත්තම කතාවනම් ඔයාලා කැරපොත්තා ගැන හිතාගෙන හිටපු විදිය වැරදී ...... මේ Post එක කියවාගෙන යනකොට ඔයාලට මම කිවුවේ මොකක්ද කියලා තේරෙයි.....


අපි මුලින්ම කැරපොත්තා ගේ නම හැදුනේ කොහොමද කියලා බලමුකෝ...


කැරපොත්තා ට ඉන්ග්‍රීසියෙන් කියන්නේ  Cockroach කියලා. ඇත්තටම ඒක ස්පාංඥ භාෂාවෙන් ආපු වචනයක්. ස්පාංඥ භාෂාවෙන් මේ වචනයේ තේරුම 'Crazy bug' හෙවත් 'පිස්සු කාමියා' යන්නයි.

ඇත්තටම ගැහුවම  එක සෙරෙප්පු පාරකින් මැරෙන කැරපොත්තා 
ලෝකයේ ශක්තිමත්ම ජීවියා වෙන්නේ කොහොමද? 

මාර ප්‍රශ්නේ........... නේද...........



ශක්තිමත්ම ජීවියා විදිහට නම් කරන්න බලපාල තියෙන්නේ කායික ශක්තිමත් බාවය නෙමෙයි. කැරපොත්තා ගේ පරිසරයට අනුගත වීමේ හැකියාව නිසයි. ඔහොම්ම පහලට කියවගෙන යන්නකෝ.... ඔයාලට කැරපොත්තා ගැන පුදුම හිතෙයි. 

චාල්ස්  ඩාවින් කියපු විදිහට ඒ කියනේ  පරිණාමවාදයට අනුව ලෝකයේ ඉදිරියට පැමිනෙන්නේ  ශක්තිමත් ජීවින් නෙමෙයි. පවතින 

පරිසරයට අනුව අනුවර්තන වෙන්න පුලුවන් ජීවින් විතරයි. 



කැරපොත්තා ඉතින් පැවතගෙන එන්නේ  ඩයිනොසර යුගයේ ඉදන්නේ. න්‍යෂ්ටික යුද්දයකින් පස්සේ  මේ ලෝකේ  ජිවත් ජීවත්  වෙන්න පුලුවන් එකම  ජීවියා  කැරපොත්තා ලු. 
මොකද කැරපොත්තාට සියලුම ශාක මිය ගියත් මියැදුණු ගස් වල ලී වගේ දෙයක් වුනත්  ආහාරයට 

අරගෙන ජීවත් වෙන්න  පුලුවන් නිසාලු . මීට අමතරව කැරපොත්තාගේ ශක්තිමත් බාවයට තවත් හේතු ගොඩාක් තියෙනවා.
මම ඒවා එකින් එක පහලින් දාන්නම් කෝ....




*කැරපොත්තාට සෙල්සියස් අංශක 0' උෂ්ණත්වයේ ජිවත් විය හැක.
* කැරපොත්තාට වරක් හුස්ම ගත් විට විනාඩ් 40 ක් පමන හුස්ම අල්ලාගෙන සිටිය හැක එසේම කැරපොත්තා හුස්ම ගන්නේ සිරැරේ දෙපසිනි.

 *සහරා කාන්තාරයේ වැලි කතරේ වුවද කැරපොත්තාට ජිවත් විය හැක.

  *කැරපොත්තාට පාද 6ක් සහ දණහිස් 18 ක් ඇත. 

 *කැරපොත්තාගේ කකුලක් කැඩුනොත් සති 3ක් වැනි කාලයක් තුළ ඌට තවත් කකුලක් එනු ලැබේ. 

*කැරපොත්තාට දත් තිබෙනුයේ ඌගේ උදරයේ ය.

*කැරපොත්තට හිස නැතුව සති 3ක් 4ක් ජිවත් විය හැක. එසේම උගේ ලේ සුදු පැහැතිය.

*කැරපොත්තාට වතුර යට පැයක් දෙකක් හුස්ම අල්ලන් සිටිය හැක.

*මෙම සත්වයාට තමාගේ ගමන් දිශාව තත්පරයක් තුළ 25  වතාවක් වෙනස් කළ හැක.



2 comments:

  1. niyastika bombayak gehuwath merenne nethi ekama jiwiya kerapothtanam "mortien" walin kerapoththo merenne kohomada? :D

    ReplyDelete
  2. mehemai. api ee gahanne vasa. eeka nsa karapoththaa marenava.

    ReplyDelete