Monday, September 29, 2014

low connection වල high speed internet යමු. ( MB 4)


low connection වල high speed internet යමු.  ( MB 4)
low connection වල high speed Internet යමු. 

කොහොමද ඔයාලගේ Internet Connection එකේ Speed   එක? ගොඩක් අය මේ ප්‍රශ්නෙට කියයි මගේ Speed   එක වැඩක් නෑ කියල. හොදටම මදි කියලා. ඉතින් මටත් මේ ප්‍රශ්නෙම තිබුනා.

 මම ඉතින් මගේ කොම් එකෙන් Google දෙයියට කිව්වා මේකට මොනව හරි උත්තරයක් හොයල දෙන්න කියල. ඔන්න යිතින්
Google දෙයිය මට දුන්න උත්තරේ තමයි මම මේ ඔයාලට දෙන්න යන්නේ.

 Google දෙයිය ඉතින් නොදන්න දෙයක් නෑ නේ
 ( ඒ කිව්වට මේක මම  Google දෙයියගෙන් ඉල්ලල ඉල්ලල පුදුම කට්ටක් කාල තමයි හොයා ගත්තේ. මුලින් මට කිව්වෙම නෑ.).

 Google දෙයිය කිව්වා මට 'මචන් සුපිරි web browser එකක් නම් තියෙනවා බන්. හැබැයි මේක ගැන කව්රුත් වැඩිය දන්නේ නෑ.අරගෙන බලපන්' කියල. ඉතින් මමත් ගත්තා. MB 4  යි බන් ගියේ.
මේකනම් පට්ට browser එකක් කියල තේරුනේ අරගෙන නෙට් එකේ ටික වෙලාවක් රවුම්  ගහද්දි. කියල වැඩක් නෑ. පට්ට සුපිරි. මේකෙ පෙනුම නම් වැඩිය හොද නෑ.
හරි මම දැන් කියන්නම් මේකෙන් නෙට් Speed  කරන්නේ කොහොමද කියල.

ඔයාල දන්නවනේ  Ad block  වගේ දේවල් දා ගත්තම නෙට් එක ගොඩාක් Speed වෙනවා කියල. Chrome වගේ web browser එකකින් Ad block  කරන්න වෙනම  Extension ගන්න ඕනෙනේ.ඒත් මේ  Browser  එකේ මේ ඔකොම Install   කරදිම එනවා.මේ වගේ ගොඩාක් Options  මේකෙ තියෙනවා.  මේක Install කරද්දිම ad block, flash block , script disable , disable sounds , pop-up block,image block, video block  වගේ දේවල් එනවා.

 දැන් ඉතින් ඔයාලට හිතෙයි මේව ඔක්කොම disable කරලා නෙට් ගිහින් වැඩක් තියෙනවද කියලා.
හරි අපි උදාහරනයක් ගමු. ඔය web site එකකට යනව කියල හිතතමු.
ඒකෙ  background එකෙන් Music( sound) එකක් play  වෙනවා.
 අපි web site එකකට යන කොට ඔය Music එක play වෙන්න ඕන කරන Music  File එක ඔයාගේ කොම් එකට  Download වෙනවා ඔයාට නොදැනිම.Music  File එක ඔයාට අත්‍යවශ්ශය දෙයක් නෙමෙයි නේ. ඒක  Download කරන්න යන කාලයත් අරගෙන browser එකෙන්  Speed එක අරගෙන දෙනවා.සුපිරි නේද?

 මම මේ දෙන්න යන සුපිරි web browser එකෙන් මේක වෙන එක වලක්වලා ඔයාට ඕන Speed  එක අරගෙන දෙනවා.
 හිතලා බලන්න කෝ Ad block, Flash block , Script disable , Disable sounds , Pop-up block,Image block, Video block  මේ ඔක්කොම එකතු උනාම කොච්චර   Speed එකේ නෙට් යන්න පුලුවන්ද කියලා.
 ඔක්කොම කිවුවා ඒත් මම මේ සුපිරි web browser  එකේ නම කිවුවේ නෑ නේ. මෙයාගේ නම Avant Browser. මෙයා MB 4. පට්ට.  ආ තව දෙයක්. මේ සුපිරි web browser  එකේ  rendering  engines 3ක් ම තියෙනවා. ඒ කිවුවේ ඔයාලට වෙබ් සයිට් එකකට  IE එකෙන් යනවා වගේ යන්නත් පුලුවන්. නැත්නම්  Chrome එකෙන් හරි FireFox  එකෙන් යනවා වගේ යන්නත් පුලුවන්. කිසිම වෙනසක් ඔයාලට දැනෙන එකක් නෑ .

හරි හරි දැන් ඉතින් කියෙවුවා ඇති .එහෙනම් ඉතින් මෙතන කොටල හරි පහලින් හරි මේ පොඩි වැඩ කාරයාව Download කර ගන්නකෝ.

                                                   මෙතනින් Download කර ගන්නකෝ.






0 comments:

Post a Comment