Wednesday, January 21, 2015

පිපිරීම්,ගිනි ගැනීම් හා භීශණ රහිත CHAMP මිසයිලය..


පිපිරීම්,ගිනි ගැනීම් හා භීශණ රහිත  CHAMP මිසයිලය..
පිපිරීම්,ගිනි ගැනීම් හා භීශණ රහිත  CHAMP මිසයිලය..


කොහොමද යාලුවනේ? ඔන්න මම අදත් ඔයාලව හොයාගෙන ආවා තවත් අලුත් Post එකක් අරගෙන.. 
Post එකේ නම දැක්කම කියන්න පුලුවන් මම මොකක් ගැනද  කියන්න හදන්නේ කියලා.

ආ.....
 ඔකෝටම කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා.  මට ටික කාලයක් යන කල් දිගටම එක දිගටම ලිපි ලියන්න වෙන එකක් නෑ. මොකද මම මේ හැම දේම අතෑරලා පාඩම් කරන්න හිතුවා. ඒත් මම ඔයාලව අමතක කරන්නේ නෑ. මම මාසෙකට එක පාරක් හරි ඔයාලා වෙනුවෙන් ලිපියක් ලියනවා කියලා පොරොන්දු වෙනවා. මම මේ වගේ Blog සයිට් එකක් කරන්නේ මොකුත් බලාපොරොතුවෙන් නෙමේ. විනෝදාන්ශයක් විදිහට. ඔයාලා මම ගොඩාක් මහන්සියෙන් ලියන එක ලිපියක් හරි කියවලා දැනුමට මොනවා හරි දෙයක් එකතු කර ගන්නවනම් ඒක තමයි මගේ සතුට. මම A3 ක් අරගෙන එන්නම්කෝ... ඔයාලට මම දන්න, මම දැකපු දේවල් ගැන ඔයාලගේ දැනුමට යමක් එකතු කරන්න.
ටික දවසකට ලිපි ලියන්න බැරි එකට මම සමාවෙන්න මගේ යාලුවනේ...

යමු අද Post එකට....


අද මම කියන්න කියලා හිතාගෙන ආවෙ වෙනස්ම වෙනස්  Missile එකක් ගැන. ඔයාල දැන් බලනවා ඇති මොකක්ද විශේශත්වය කියලා. ලිපිය කියවගෙන යන කොට ඔයාලට තේරෙයි මම මේ මොකක්ද කියන්නේ කියලා. 


මේ Missile එක හදලා තියෙන්නේ   Boeing සමාගමයි ඇමරිකානු ගුවන් හමුදාවයි එකතු වෙලා. මේ මිසයිලය අත්තදා බැලීම කරලා තියෙන්නේ ඇමරිකානු යූටා කාන්තාරයේ දී ලු.
ඒ  මිසයිලය කලින් තීරනය කල මාර්ගයක් දිගේ ගමන් කරලා  ඉලක්ක 7ක් විනාශ කරලා ,
පොලොවට පහත් වුනාලු. ඒත් මිසයිල ප්‍රහාරයකදී සිදුවන පිපිරීම්, ගිනිගැනීම්, මරන, මෙහිදී වාර්තා නොඋනු අතර අඩුම වශයෙන් පිපුරුම් හඩක් වත් ඇසුනේ නැත. ඇසුනේ මිසයිලය ගුවනේ පියාසර කල හඩ විතරලු.






CHAMP යනු සුවිශේශී මිසයිලයකි. මෙය  Boeing  සමාගම නිපදවා ඇත්තේ වෙනස්ම ආකාරයේ
 'පහර දීමක්' සදහා ය.  CHAMP යන අකුරු වල තේරුම  
Counter Electronics High Powered Microwave Advanced Missile Project  යන්නයි.
එනම් ඉලෙක්ට්‍රොනික ප්‍රතිරොදී අධ්බැලැති ක්ෂුඩ්‍ර තරන්ග මිසයිල වයාපෘතිය යන්නයි. ඉහත අත්තදා බැලීමේදී අදාල ඉලක්ක වල තිබුනු සියලුම ඉලෙක්ට්‍රොනික උපකරන සියල්ලම අක්‍රීය කර දැමීමට  Champ මිසයිලය සමත් විය.



Champ  මිසයිලය නිර්මානය කරලා තියෙන්නේ  භෞතික හානියක් සිදු කිරන්න නෙමේ.
ඉලෙක්ට්‍රොනික උපකරන 
අක්‍රීය කිරීමටයි.මෙය එක්තරා ආකාරයක  EMP අවියක් හෙවත් විද්යුත් චුම්බක තරන්ග අවියකට සමාන වුවද,
මෙහි යොදා ගන්නේ   Microwaves හෙවත් ක්ෂුඩ්‍ර තරන්ග යි.


දැන් ඔයාලට ටිකක් දැන් තේරෙනවා ඇති. මම තව ටිකක් පැහැදිලි කරන්නම් කෝ. මේ  Video  එක බලලම ඉන්නකෝ. මේකෙ තියෙන්නේ මේ Missile Project එක ට අනුව මේ Missile එකේ ක්‍රියාකාරිත්වය ගැන.






 Video  එක බැලුවා කියලා හිතනවා ඔයාලා ඔක්කොම. එහෙනම් ඉතුරු කොටසට යමු. 

සාමාන්‍ය මිසයිලයක් විදිහටම බිම සිට හරි  ගුවනේ සිට මුදා හරින්න පුලුවන්  මෙම මිසයිලය ජීවිත හානි සිදු නොකලද , ඉලෙක්ට්‍රොනික උපකරන වලට නම් මාරයෙකි. මෙහි  EMP අවියකට වඩා දියුනු තාක්ශණයක් භාවිතා කරනවා..EMP  අවියක විද්යුත් චුම්බක ක්ශේත්‍රය පුපුරා යාමකට සමානය. එබැවින් එහි ආවරන කලාපය තුල ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපාන්ග අක්‍රීයකරනවා.නමුත්  CHAMP  මිසයිලය පියාසර කරන අතර නිකුත් කරන ක්ෂුඩ්‍ර තරන්ග කදම්බය නිසා එක ලග ඇති ගොඩනැගිලි දෙකකින් එකකට විතරක්  පහර දෙන්න පුලුවන් කියලා දැන් ඔයාලාට පැහැදිලි ඇති. 

CHAMP මිසයිලයේ ක්‍රියාකාරිත්වය....
CHAMP මිසයිලයේ ක්‍රියාකාරිත්වය....



Boeing සමාගම හා ඇමෙරිකානු ගුවන් හමුදා පර්යේශන කන්ඩායම පවසන විදිහට ,  හමුදාව හෝ ප්‍රහාරක 
යානා යුද බිමට යැවීමට පෙර සතුරාගේ ඉලෙක්ට්‍රොනික උපාන්ග අක්‍රීය කර දැමීමට  CHAMP  මිසයිලය යොදා ගන්න පුලුවන්. ඒ කියන්නේ හතුරගේ වහන වල සිට අවි ආයුද දක්වා සියලුම දේ ප්‍රයෝජනයක් නොමති වන තරමට සතුරා අඩපන වෙනවා. එසේම මෙහි පිපිරීමක් සිදු නොවන නිසා නැවත ඉන්ධන පිරවීමෙන් පසු ඊලග මෙහෙයුමට ද එකම  CHAMP  මිසයිලය යොදා ගන්න පුලුවන් ලු. ඒ කියන්නේ මේක Reusable  මිසයිලයක්. 


අදට මේ ඇති කියලා හිතෙනවා.   

Type කරලත් මහන්සි.. එහෙනම් මම යනවා.


 අපේ FB Page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.
මෙචර වටිනා දේවල් දීලත් Comment එකක් දැම්මේ නැත්නම් වැඩක් නෑ.


Bye Bye!!


0 comments:

Post a Comment