Wednesday, January 28, 2015

"හැකරුන් ( Hacker ) " ගේ ලෝකය වෙත පිවිසෙමු!!

 "හැකරුන් ( Hacker ) " ගේ ලෝකය වෙත පිවිසෙමු!!
 "හැකරුන් ( Hacker ) " ගේ ලෝකය වෙත පිවිසෙමු!!


කොහොමද යාලුවනේ.. 


මේ දවස් ටිකේම ඔයාලට අලුත් ලිපියක් දෙන්න බැරි උනා. මම ඔයාලාට කලින් කිවුවා වගේ මම A/L වලට පාඩම් කරන නිසා. බ්ලොග් එකේ  Pageviews හොදටම අඩු වෙලා. හිත වාවන්නේ නැතුව ගිය නිසා තමයි මේ Post එක කොහොම හරි දානවා කියලා හිතා ගත්තේ.  

මාතෘකාව දැක්කම ඔයාලට මම කියන්න යන දේ ගැන හිතා ගන්න පුලුවන් නේද? 

 "මේ Post එක ලියන්න මට Idea එක දුන්නේ මගේ ධනුක කියලා යාලුවෙක්. දවසක් එයාට ඕන උනා Wi-Fi Hack කරන්න ඉස්කෝලෙදි. මම ත් ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දාලා Hack කරලා පෙන්නුවා. දැන් ඔයාලා අහයි ඉස්කෝලෙදි මම Wi-Fi Hack කරන්න Phone එක හරි Lap එක හරි ඉස්කෝලේ ගෙනියනවද කියලා. මේකයි සීන් එක ...  ඉස්කෝලේ Science exhibition එකක් තිබුනා. ඒකට මමයි ධනුකයි  එකතු වෙලා Item එකක් කලා. ඒකට ධනුක එයාගේ Lap එක ගෙනාවා.  ඒකෙන් ඉස්කෝලෙ Wi-Fi  ජාලයට කෙලියා.  තාමත් වෙලාවක් හම්බු උනාම ඉස්කෝලේ Wi-Fi  ජාලයට කෙලිනවා. "


Hikzzzzzzzz.......... 

කතා කිවුවා ඇති. දැන් යමු අපි ආපු වැඩේට.


හැකර්
හැකර් 


හැකරුන් එහෙමත් නැත්නම්   Hacker කියපු ගමන් ඔයාලට මතක් වෙන්නේ කා ගැනද? ඒක මම මෙහෙම කියන්නම් කෝ................


"වෙනත් අයෙකුගේ පරිගණකයකට නීති විරෝධී ලෙස ඇතුලත් වී එහි දත්ත සොරා ගන්නා වෙනත් පරිගණකයකට වෛරස  හෝ Spyware වැනි හානිදායක අයිතමයන් එකතු කරනා , එමඟින් වෙනත් පුද්ගලයන්ව අපහසුතාවයට පත් කරනා , ඇතැම් විට පරිගණකගත දත්ත ඇසුරෙන් ආර්ථිකය විනාශ කරන, සයිබර් යුද්ධයක් ඇති කරවන අයෙකුගේ  මුහුණකි. "


මම හරි නේද මචෝ............. Hikzz......

නිකමට ඔයාලා කල්පනා කරලා බලන්න  ඇයි ඔයාලා Hacker කියපු ගමන් එහෙම දෙයක් හිතුවෙ? ඒකට හේතුව මොකක්ද? ඇයි මේ වගේ කලු පැල්ලමක් Hacker  නම ඉදිරියෙන් ලියවිලා තියෙන්නේ? 


.....................



අනේ මන්දා?................. mmmmmmmmm.....

 අනිත් අය කියනවට කියනවා. එහෙමත් නැත්නම් ඔයාලා Hacker කියන කෙනා ගැන හරියට දන්නේ නෑ. 


ඇත්තටම Hacker කියන  පදයට මේ වගේ අපකීර්තියක් ලැබිලා තියෙන්නේ  මාධ්‍ය වලින් එයාලට  එරෙහිව 
කියන  කරන කරුණු  නිසා. ඒ විතරක් නෙවෙයි  ඉස්සෙල්ලා කියපු විදිහේ  ඉතාම පහත් තත්වයේ කටයුතු වල නිරත වන පිරිස් ද සිටීම මෙම වදනටකලු පැල්ලම්  රැසක් එකතු වීමට හේතු වෙලා තියෙනවා. නමුත් ලෝකේ 
සිටින සියලුම හැකරුන් පිරිස ගත්තම  ඔවුන් අතරින් එසේ අපකීර්තිමත් විදිහට  කටයුතු කරන අය ඇත්තේ 
ඉතාම සුළු පිරිසකි. ඇත්තටම 1% වත් නෑ. 

  Hacker කෙනෙකු ඇත්තටම කියන්න පුලුවන් 
වෙන්නේ    යකා කියන තරම් කළු නැති බවය. "


අපි දැන් බලමු Computer Hacker කියන පදය මුලින්ම හැදුනේ කොහොමද? කවුද ඇත්තටම මේ Computer Hacker කෙනෙක් කියන්නේ?  කියලා.

මම ටික ටික කියන්නම්. ඔයාලා අහගෙන ඉන්න.. ආ වැරදුනා. කියවගෙන යන්න. 


Computer Hacker කියන පදය මුලින්ම  අපේ Dictionary එකට ආවේ   1960 දී විතර. 
 ඒ කාලේ  Hacker කියලා කිවුවේ programmer හෙවත් පරිගණක වල ක්‍රියා කරන්න අවශ්‍ය මෘදුකාංග 
 වගේ දේවල්  නිෂ්පාදනයේදී ඒවා කේත (program)කරන්න  දායක වන අයයි .

මම ඒ කාලේ හිටියනම් මමත් සුපිරිම  Hacker කෙනෙක්. මටත් පුලුවන් program හදන්න. මොකද   
මමත්  Vb , HTMl , CSS  programmer කෙනෙක්.  Hikzzzz....

ඇත්තටම programmer කෙනෙක් කියන්නේ අනෙක් අයට  නොසිතෙන  ආකාරයනට  පරිගණකය
දෙස වෙනමම ඇසකින් බලන්න පුලුවන් ඉතාම තියුණු ඇසක් තියෙන අයට. ඇත්තටම මේ මට්ටමට එන්න ගොඩාක් කැපකිරීම් කරන්න ඕනේ. ඒකයි ඇත්තම කතාව.  මෙයාලා තමයි පරිගණක ලෝකේ  ප්‍රමුඛයන් වෙන්නේ......

ඉතාම කුඩා මෘදුකාංගයක සිට පරිගණක ක්‍රියාකාරී පද්ධතියන් ඒ කියන්නේ OS ( operating system) වෙනකම්  නිර්මාණය කිරීමේ හැකියාව එයාලාට තිබුනා.මේ විදිහට ගත්තාම  පරිගණක ලෝකේ  හෙල්ලූ නිර්මාණ බිහි කල ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් , 
ස්ටීව් වොස්නියැක් ආදි ආදී  පරිගනක ලෝකෝ වන්දනීය පුද්ගලයෝත් Hacker කෙනෙක් වෙනවා කියලා ඔයාලට හිතෙන්න ඇති.ඔවුන් පරිගණකය දෙස තෙවෙනි  ඇසකින් බලා , 
 පරිගනකයේ හැකියාවන් පිළිබඳව හඳුනාගෙන ඒ  හැකියාවන් භාවිතා කරලා අලුත්  නිර්මාණ බිහි කරන්නට සමත් අය. 

ඇත්තටම එයාලා නිසා තමයි අද තියෙන තාක්ශනික දියුණුව මෙතරම් පුලුල් වෙලා තියෙන්නේ...

ඔයාලා ඒකට ස්තූති කරන්න ඕනෙ Hacker  ලට තමයි....



Computer Hacker ලා  හැම වෙලාවෙම  පරිගණකය යන උපාංගය පිලිබන්දව කුතුහලයෙන් තමයි ඉන්නේ. Hacker ලා තමයි ඔයාලාගේ OS ( operating system) එකේ හරි වෙනත් ඕනම මෘදුකාංගයක, වැඩසටහනක, පද්ධතියක යම් වරදක් (bug) එකක් ඒ කියන්නේ අදාළ  මෘදුකාංගයක, වැඩසටහනක, හෝ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට යම් සුළු හෝ බාධාවක්  ඇති කරවන දෙයක් අහු උනාම ඒ තැන්හිදී ඒවා නිවැරදි කරන්න  පුලුවන්  patch ආකාරයේ කේතාංකනය කරන ලද file 
 වගේ දේවල් නිර්මාණය කරන්නේත් එයාලා. ඇතැම් ක්‍රියා සඳහා ඔවුන්ට ගෙවීම් ද සිදු කරනවා.

ඔයාලා සමහර Software පාවිච්චි කරන කොට   patch  file  වගේ ඒවා පාවිච්චි කරනවා නේද Full Version එක කර ගන්න. ඒ වගේ patch  file හදන්නේත් මෙයාලාම තමයි. දැන් ඔයාල ට තේරෙනවා ඇති මෙයා ඔයාලාට කොච්චර සේවයක් කරනවාද කියලා. 



හැකර් World
හැකර් World




අපි දැන් බලමු කොහොමද මෙච්චර සේවයක් කරන   Hacker ලට 
කලු පැල්ලම් එකතු උනේ කියලා.


 පරිගණකයේ පරිනාමයත් එක්ක  පරිගණක ඉංජිනේරුවන් වෙන වෙනම පැවති පරිගණක එක් කර  අන්තර්ජාලය  හරහා පරිගණක ජාල පද්ධතියක් සෑදීමට පටන් ගත්තාම  hacker යන වචනයට  නව අරුතක් එකතු වුනා.  එනම් , ඔවුන් තමන්ට අයත් නැති පරිගණකයකට වුවද අන්තර්ජාලය හරහා එකතු කරන ලද පරිගණක ජාල  පද්ධතිය ඔස්සේ පිවිසීමට හැකියාව ඔවුන්ට ලැබුණි. හැකරුන් ගේ නමට කළු පැල්ලම් එකතු වන්නට ගත්තේ  මෙයින් පසුවය. 



මෙසේ අන්තර්ජාලය භාවිතා කරමින් වෙනත් අයෙකුගේ පරිගණකයකට පිවිසීමට ඇති හැකියාව වැරදි ලෙස 
යොදා ගනිමින් , පරිගණක දත්ත සොරා ගැනීමට , පරිගණක වෛරස පැතිරවීමට එක් පිරිසක් පටන් ගත්තේ ඉන් පසුවය. වෙනත්  අයගේ කටයුතු වලට ඇඟිලි ගැසීමට , ඔවුන් අපහසුතාවයට පත් කිරීමට  ඇති කැමැත්ත වැනි අසහනකාරී හැඟීම් තෘප්ත කරන තෝතැන්නක් බවට මෙය පත් කරගත් ඔවුන් ,    එතෙක් කල් හැකරුන් සඳහා තිබු හොඳ නම විනාශ කර දැමීමට සමත් විය. නිවැරදි එය සිය හැකියාවන් 
 යොදා ගන්නා  හැකරුන් පිරිස් එය යොදාගත්තේ තව දුරටත් පරිගණකය නම් මෙම කෘතීම ජීවියා අධ්‍යනය කර,  එය තව දුරටත් සංවර්ධනය කල හැකි ආකාර ගැන කල්පනා කිරීමට වුවත් සුළු පිරිසකගේ පැවති පහත්  තත්ත්වයේ අදහස් නිසා එවැනි නව නිර්මාණ බිහි වුවත් , හැකරුන් යන පදයට ලැබී ඇති කැළල මකා 
 දැමීම තවමත් අපහසු වී ඇත. හැකරුන් හා හැක්කරණය පිළිබඳ තවත් රසබර ලිපියක් සමගින්  ඊලග Post එකේදී හමු වෙමු. එහෙනම් මම ගිහින් එන්නම් . 


 මතක ඇතිව යන කොට Comment  දාලා යන්න.. 

අපේ Facebook page එකට Like කරගෙන ම යන්න්න. 


 Bye Bye  !!


Wednesday, January 21, 2015

පිපිරීම්,ගිනි ගැනීම් හා භීශණ රහිත CHAMP මිසයිලය..


පිපිරීම්,ගිනි ගැනීම් හා භීශණ රහිත  CHAMP මිසයිලය..
පිපිරීම්,ගිනි ගැනීම් හා භීශණ රහිත  CHAMP මිසයිලය..


කොහොමද යාලුවනේ? ඔන්න මම අදත් ඔයාලව හොයාගෙන ආවා තවත් අලුත් Post එකක් අරගෙන.. 
Post එකේ නම දැක්කම කියන්න පුලුවන් මම මොකක් ගැනද  කියන්න හදන්නේ කියලා.

ආ.....
 ඔකෝටම කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා.  මට ටික කාලයක් යන කල් දිගටම එක දිගටම ලිපි ලියන්න වෙන එකක් නෑ. මොකද මම මේ හැම දේම අතෑරලා පාඩම් කරන්න හිතුවා. ඒත් මම ඔයාලව අමතක කරන්නේ නෑ. මම මාසෙකට එක පාරක් හරි ඔයාලා වෙනුවෙන් ලිපියක් ලියනවා කියලා පොරොන්දු වෙනවා. මම මේ වගේ Blog සයිට් එකක් කරන්නේ මොකුත් බලාපොරොතුවෙන් නෙමේ. විනෝදාන්ශයක් විදිහට. ඔයාලා මම ගොඩාක් මහන්සියෙන් ලියන එක ලිපියක් හරි කියවලා දැනුමට මොනවා හරි දෙයක් එකතු කර ගන්නවනම් ඒක තමයි මගේ සතුට. මම A3 ක් අරගෙන එන්නම්කෝ... ඔයාලට මම දන්න, මම දැකපු දේවල් ගැන ඔයාලගේ දැනුමට යමක් එකතු කරන්න.
ටික දවසකට ලිපි ලියන්න බැරි එකට මම සමාවෙන්න මගේ යාලුවනේ...

යමු අද Post එකට....


අද මම කියන්න කියලා හිතාගෙන ආවෙ වෙනස්ම වෙනස්  Missile එකක් ගැන. ඔයාල දැන් බලනවා ඇති මොකක්ද විශේශත්වය කියලා. ලිපිය කියවගෙන යන කොට ඔයාලට තේරෙයි මම මේ මොකක්ද කියන්නේ කියලා. 


මේ Missile එක හදලා තියෙන්නේ   Boeing සමාගමයි ඇමරිකානු ගුවන් හමුදාවයි එකතු වෙලා. මේ මිසයිලය අත්තදා බැලීම කරලා තියෙන්නේ ඇමරිකානු යූටා කාන්තාරයේ දී ලු.
ඒ  මිසයිලය කලින් තීරනය කල මාර්ගයක් දිගේ ගමන් කරලා  ඉලක්ක 7ක් විනාශ කරලා ,
පොලොවට පහත් වුනාලු. ඒත් මිසයිල ප්‍රහාරයකදී සිදුවන පිපිරීම්, ගිනිගැනීම්, මරන, මෙහිදී වාර්තා නොඋනු අතර අඩුම වශයෙන් පිපුරුම් හඩක් වත් ඇසුනේ නැත. ඇසුනේ මිසයිලය ගුවනේ පියාසර කල හඩ විතරලු.






CHAMP යනු සුවිශේශී මිසයිලයකි. මෙය  Boeing  සමාගම නිපදවා ඇත්තේ වෙනස්ම ආකාරයේ
 'පහර දීමක්' සදහා ය.  CHAMP යන අකුරු වල තේරුම  
Counter Electronics High Powered Microwave Advanced Missile Project  යන්නයි.
එනම් ඉලෙක්ට්‍රොනික ප්‍රතිරොදී අධ්බැලැති ක්ෂුඩ්‍ර තරන්ග මිසයිල වයාපෘතිය යන්නයි. ඉහත අත්තදා බැලීමේදී අදාල ඉලක්ක වල තිබුනු සියලුම ඉලෙක්ට්‍රොනික උපකරන සියල්ලම අක්‍රීය කර දැමීමට  Champ මිසයිලය සමත් විය.



Champ  මිසයිලය නිර්මානය කරලා තියෙන්නේ  භෞතික හානියක් සිදු කිරන්න නෙමේ.
ඉලෙක්ට්‍රොනික උපකරන 
අක්‍රීය කිරීමටයි.මෙය එක්තරා ආකාරයක  EMP අවියක් හෙවත් විද්යුත් චුම්බක තරන්ග අවියකට සමාන වුවද,
මෙහි යොදා ගන්නේ   Microwaves හෙවත් ක්ෂුඩ්‍ර තරන්ග යි.


දැන් ඔයාලට ටිකක් දැන් තේරෙනවා ඇති. මම තව ටිකක් පැහැදිලි කරන්නම් කෝ. මේ  Video  එක බලලම ඉන්නකෝ. මේකෙ තියෙන්නේ මේ Missile Project එක ට අනුව මේ Missile එකේ ක්‍රියාකාරිත්වය ගැන.






 Video  එක බැලුවා කියලා හිතනවා ඔයාලා ඔක්කොම. එහෙනම් ඉතුරු කොටසට යමු. 

සාමාන්‍ය මිසයිලයක් විදිහටම බිම සිට හරි  ගුවනේ සිට මුදා හරින්න පුලුවන්  මෙම මිසයිලය ජීවිත හානි සිදු නොකලද , ඉලෙක්ට්‍රොනික උපකරන වලට නම් මාරයෙකි. මෙහි  EMP අවියකට වඩා දියුනු තාක්ශණයක් භාවිතා කරනවා..EMP  අවියක විද්යුත් චුම්බක ක්ශේත්‍රය පුපුරා යාමකට සමානය. එබැවින් එහි ආවරන කලාපය තුල ඇති සියලුම ඉලෙක්ට්‍රොනික උපාන්ග අක්‍රීයකරනවා.නමුත්  CHAMP  මිසයිලය පියාසර කරන අතර නිකුත් කරන ක්ෂුඩ්‍ර තරන්ග කදම්බය නිසා එක ලග ඇති ගොඩනැගිලි දෙකකින් එකකට විතරක්  පහර දෙන්න පුලුවන් කියලා දැන් ඔයාලාට පැහැදිලි ඇති. 

CHAMP මිසයිලයේ ක්‍රියාකාරිත්වය....
CHAMP මිසයිලයේ ක්‍රියාකාරිත්වය....



Boeing සමාගම හා ඇමෙරිකානු ගුවන් හමුදා පර්යේශන කන්ඩායම පවසන විදිහට ,  හමුදාව හෝ ප්‍රහාරක 
යානා යුද බිමට යැවීමට පෙර සතුරාගේ ඉලෙක්ට්‍රොනික උපාන්ග අක්‍රීය කර දැමීමට  CHAMP  මිසයිලය යොදා ගන්න පුලුවන්. ඒ කියන්නේ හතුරගේ වහන වල සිට අවි ආයුද දක්වා සියලුම දේ ප්‍රයෝජනයක් නොමති වන තරමට සතුරා අඩපන වෙනවා. එසේම මෙහි පිපිරීමක් සිදු නොවන නිසා නැවත ඉන්ධන පිරවීමෙන් පසු ඊලග මෙහෙයුමට ද එකම  CHAMP  මිසයිලය යොදා ගන්න පුලුවන් ලු. ඒ කියන්නේ මේක Reusable  මිසයිලයක්. 


අදට මේ ඇති කියලා හිතෙනවා.   

Type කරලත් මහන්සි.. එහෙනම් මම යනවා.


 අපේ FB Page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා.
මෙචර වටිනා දේවල් දීලත් Comment එකක් දැම්මේ නැත්නම් වැඩක් නෑ.


Bye Bye!!


Sunday, January 18, 2015

මෙන්න මෙහෙමයි සුපිරි Password එකක් හදා ගන්නේ.

මෙන්න මෙහෙමයි සුපිරි  Password  එකක් හදා ගන්නේ.
 මෙන්න මෙහෙමයි සුපිරි  Password  එකක් හදා ගන්නේ. 


  කොහොමද යලුවනේ............

අද  Post යන්න කලින් ඔයාලට කියන්න Good ආරන්චියක් තියෙනවා. 
ඒ තමයි මගේ බ්ලොග් අඩවියේ page views 4000 පැනීම. 
ඇත්තටම මම මේ බ්ලොග් එකට හරියට බැහැලා වැඩ කරන්න අරන් තාම දවස් 5යි.
 දවස් 5ට මෙචර එන්න හේතුව මම ඔයාලට නිතරම වටිනා දෙයක් දෙන්න හිතන නිසා  වෙන්න ඇති කියලා හිතනවා. 

ආ..... 

  දැන්  ආපු කාරනේට දැන් යමුකෝ. 

අද මම කියන්න යන්නේ කොහොමද හොද  Password එකක් ඔයාම හදා ගන්නේ කියලා. මේකට ගොඩාක්  Software වගේ ඒවත් තියෙනවා. ඒත් ඉතින් ඒවගෙන් හදලා දෙන   Password මතක තියා ගන්න එක තමයි  අමාරුම දේ.   ඒකයි ඔයාලට මම මේ ගැන කියන්න හිතා ගත්තේ. 

හැකර් කෙනෙක්ට කඩන්න බැරි  Password එකක් හදා ගන්න නම් මම පහලින් දාලා තියෙන නීති ටික පිලිපදින්න ඕනේ. ඔයාලට ඒක කරන්න පුලුවන්නම් ඔයාටත්  සුපිරි  Password එකක් හදා ගන්න පුලුවන් වෙයි.

එහෙනම් පටන් ගමු.

                                     1 ).         අකුරු අඩුම වශයෙන් 8ක් ඔයාගේ  Password එකට දාන්න.  Admin Account ( Facebook , Twitter) එකකට  Password එකක් දානවා නම් 
අඩුම සන්කේත( අකුරු , ඉලක්කම් , !@#$%^&* වගේ ඒවා ) 12ක් 15ක් වත් තියෙන  Password එකක් දාන්න මතක තියා ගන්න. 


මම එහෙම කියන්නේ එතකොට කවුරු හරි ඔයාගේ  Password එක කඩන්න හැදුවත් ඒක අනුමාන කරන්න අමාරු වීම නිසයි. අපි උදාහරනයකට ඉලක්කම් 8ක් තියෙන සන්ක්‍යාවක්  ඔයාගේ  Password එකට දැම්මා කියලා හිතමු. මේ  ඉලක්කම් 8කින් සමන්විත Password එක
 එකිනෙකට මාරු කර විදි  ( විය හැකියා - Possibilities ) ගනන ට්‍රිලියන 218ක් වෙනවා. ඒක නිසා ඉලක්කම් 8 කට වඩා වැඩි Password එකක් ඔයාගේ
  Admin Account එකක ට( Facebook , Twitter) දාන එක නුවනට හුරුයි කියලා ඔයාලට තේරෙන්න ඇති.

මෙන්න ඊලග එක 

2 ).             Password  එක ඉන්ග්‍රීසි කැපිටල්, සිම්පල් මාරුවෙන් මාරුවට දාන්න. 

එතකොට ඔයාගේ Password  එක කෞරු හරි දැක්කත් මතක තියා ගන්න ටිකක් අමාරු වෙනවා.


3 ).           ඉලක්කම් සහ විස්මයාර්ත ලකුන වගේ ලකුනු ඔයාගේ Password  එකට  දාන්න.. 


4 ).               නම්, උපන්දින වගේ දේවල් Password  එක ට දාන්න ම එපා.

5 ).               සාමාන්‍ය භාවිතයේ ඇති ඔයා පාවිච්චි කරන වචන ත් දාන්න එපා..


6 ).        ඔයාට හොදටම මතක තියෙන වැකියක් ( Pass phrase ) පාවිච්චි කරන්න. 

ඊලග එක තමයි හොදම එක. 

7 ).       එකම Password  එක හැම Account එකක ට ම දාන්න එපා. 


මේ කරුනු පිලිපදිනවානම් ඔයාට හොද Password එකක් හදා ගන්නත් පුලුවන් වෙයි. 



හදාගත්ත Password එක හොද එකක්ද කියලා Check කර ගන්න මෙතනින් යන්න කෝ......



මේ පහලින් තියෙන්නේ හොද  Password එකක ලක්ශන...


 හොද  Password එකක ලක්ශන...
 හොද  Password එකක ලක්ශන...




හොද 
 Password එකක් හදා ගතාට මදි. ඒක ආරක්ශා කර ගන්නත් ඔයා දැන ගන්න ඕනේ.

ඒකට................


1 ).           Wi-Fi තියෙන වැඩිපුර මහ ජනයා වෙසෙන තැන් වල ඔයා  
Password එක පවිච්චි කරන්න යන්න එපා. මොකද ඒ වෙලාවේ හැකර් කෙනෙක් Wi-Fi ජාලය සමග සම්බන්ද වී සිටියොත් ඔයාගේ Password එක එයාගේ අතට යන්න පුලුවන්. 

2 ).     Web Browser වල Password එක   Save කරන්න එපා. 

3 ). මැල්වෙයා වලට ඉඩ දෙන්න එපා. නිතරම හොද Anti-Virus Software  එකක් පාවිච්චි කරන්න.



    එහෙනම් ඉතින් මම අදට යන්නම්.
තවත් මේ වගේම Post එකක් අරගෙන ඉක්මනටම එන්නම්.
එතකන් Bye Bye!!


ආ කියන්න අමතක උනා. යන ගමන් අපේ Facebook Page එකට Like එකක් දා ගෙනම යන්න.

Friday, January 16, 2015

Call එකක් ආවොත් වැඩක් දෙමුද?


 Cll එකක් ආවොත් වැඩක් දෙමුද?
 Cll එකක් ආවොත් වැඩක් දෙමුද? 


මේකනම් හරිම ජොලි වැඩක්! මේකනම් කරන්න කලින් දෙපාරක් හිතන්න. අම්මා එම Cll  කරොත්. නැත්නම් ඔයාගෙ අරයා..... Hikzzzzzz................


මුලින්ම කියන්න ඕනේ මේක වැඩ කරන්නේ Airtel වලටයි  Dialog  වලටයි විතරයි. දුක තමයි. 


කතා කලා ඇති. දැන් වැඩේට බහිමු. 
වෙලාව එම බලන්න දැන් සුබ මොහොතක්ද කියලා වැඩ පටන් ගන්න. 
ඒක නිකමට කිවුවේ. අවුලක් නෑනේ. OK....

මම ක්‍රම දෙකක් දන්නවා. ඒ දෙකෙන්ම කරන්නේ ඔයාට එන  Cll  diver කරන එකයි. ඔයාගේ Phone එකේ වර්ගේ අනුව  Cll  diver කරන Setting එකට යන විදිය වෙනස්. දන්නේ නැත්නම් පහලින් Phone එකේ Phone එකේ වර්ගේ Comment කරන්නකෝ.......



මෙන්න මේකයි පලවෙනි ක්‍රමය. 

මේකෙන් කරන්නේ මේ පහල තියෙන 4න් නම්බර්  වලට  Cll  diver කලාම  Cll  කරන කෙනාට වැටෙන්නේ  network error එකක් තියෙනවා කියලා.  ඕනෙනම් Test කරලා ඔයාට බලන්න පුලුවන් මේක වැඩද කියලා....

airtel-32664

dialog-0770002205



මෙන්න මේකයි දෙවෙනි  ක්‍රමය. 



මේකෙන් කරන්නේ ඔයාට  Cll  කරන කෙනාට wrong number, cheek and try again වගේ ඒවා වැටෙන එක. මෙන්න එහෙනම් Numbers ටික.



airtel-1234567890

dialog - 0772582582




මේවා හරි ගියානම් කියන්නකෝ. එහෙනම් මම අදට ගියා. ඔය යන ගමන් පොඩි Comment එකක් දා ගෙනම යන්න. 

Thursday, January 15, 2015

Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi ඇවිල්ලා !!

Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi  ඇවිල්ලා !!
Wi-Fi වල කාලෙ ඉවරයි. මෙන්න LI-Fi  ඇවිල්ලා !! 

ඔයාලා වෙනුවෙන්ම හෙට ලෝකය ගැන සොයන මම ඔන්න අදත් අලුත් ම දෙයක් හොයාගෙන ආවා. 

එහෙනම් කෙලින්ම කතාවට බහිමු. 

පටාන් ගමු.

ප්‍රශ්නයක් අහලම Post එක පටන් ගන්නම් කෝ.

ඔයාලා එක තැනක ඉදන් තවත් තැනකට ඔයාල ලග තියෙන File , Video, Music වගේ ඒවා Wireless විදිහකට යවන්න පාවිචි කරන විදිය මොකක්ද?  එහෙමත් නැත්නම් High Speed Internet යන්න පාවිච්චි කරන Wireless විදිය මොකක්ද?  අනිවාර්යෙන් ඔයාල කියයි Wi-Fi  හරි Bluetooth හරි කියලා. 

සමහර වෙලාවට එපා වෙනවා නේද ලොකු  File එම යවන්න ගියාම. ඇත්තම කියන්නකෝ. 

මොකද කියන්නේ. අලුත් විදිහකට එකතු වෙමුද? 

හැබැයි දැන්මම නෙමෙයි. නුදුරු අනාගතයේදී. Ok? 

මේ ක්‍රමය තාම Testing. මේක අති සාර්තක වෙලා තියෙනවා.

ඈ!!

මොනවද  මම මේ කියන්නේ?
 මතෘකාවෙන් පිට යනව වගේ. හරි මම ඉක්මනට කියන්නම් කෝ. 

අද මම කියන්න කියලා හිතාගෙන ආවේ Wi-Fi  වගේ දෙයක් ගැන. ඒත් Wi-Fi  ගැන නම් නෙමෙයි  හරිද?
මේකෙ නම  LI-Fi . මේකේ නම Wi-Fi වගේමයි  නේද? Hikz....


LI-Fi  වලදිත්  Wi-Fi  වල වෙන දේමයි  වෙන්නේ.  ඒත් තාක්ශනයයි ගන්න පුලුවන් වේගයයි ගොඩක් වැඩී.

LI-Fi  වැඩ කරන්න ඕන වෙන්නේ පහල රූපයේ තියෙනවා වගේ LED බල්බ් එකක් විතරයි. පුදුමයි නේද?


LI-Fi LED BULB
LI-Fi LED BULB 


ම්ම්ම්ම්ම්ම්............

බැලූ බැල්මට සාමාන්‍ය LED බල්බ් එකක් වගේ. ඒත් මේ බ්ල්බ් එක වැඩ කරන විදිය වෙනස්. 
වෙනස මොකක්ද කියලා මේක දිගටම කියවාගෙන යන කොට තේරෙයි ඔයාලට.
 හරිද? 


මේකත් ගෙදර එලිය කරන්න පාවිචි කරන LED බල්බ් එකක් ම තමයි. ඒත් මේ බල්බ් එකට පොඩී මයික්‍රෝ චිපයක් (Micro Chip )  හයි කරල හියෙන්නේ. ඒක නිසා මේ බල්බ් එක හරියටම ඔයාල ගොඩ දෙනෙක්  Internet එන්න පාවිචි කරන රවුටර් එකක් විදිහට වැඩ කරනවා.
මේ අලුත් තාක්ශනය හදුන්වන නමට තමයි LI-Fi ( LI-Fi - light fidelity) කියලා කියන්නේ. 
දැන් තේරුනා  නේද? 

මේ පට්ටම පට්ට ක්‍රමය හොයාගත්තේ ජර්මානු ජාතික හැරල්ඩ් හෑස් කියලා සුදු මහත්තයෙක්. එයා මහා බ්‍රිතාන්‍යයේ එඩින් බරෝ විශ්වවිද්‍යලයේ ඩිජිටල් සන්නිවේදනය පිලිබද මහාචාර්‍ය වරයෙක්.

ජර්මානු ජාතික හැරල්ඩ් හෑස්
ජර්මානු ජාතික හැරල්ඩ් හෑස් පර්යේශන කරමින් 


අම්මෝ අතත් රිදෙනවා මේ ටික ටයිප් කරලා. LI-Fi ගැන තියෙන Video එකක් හම්බු උනා. ඒකත් බලලා මම මේ කියන්න හදන දේ ගැන පොඩි අවබෝදයක් ගන්නකෝ.




තව එකක් හම්බු උනා. ඒකත් බලන්නකෝ.





මරු නේද? ඔයාලට Video එක බැලුවනම් එහෙම හිතෙයි.

හරි එහෙනම් දැන් අපි මේක වැඩ කරන හැටි ගැන පොඩී අවබෝදයක් ගමුකෝ.

මේක වැඩ කරන්නේ මූලික වශනයෙන් බයිනරි ක්‍රමයක් පාවිච්චි කරලා. දැන් ඔයාලට එන ප්‍රශ්ණය තමයි බයිනරි කියන්නේ මොකක්ද කියලා.

බයිනරි කියන්නේ 1 සහ 0 විතරක් තියෙන පරිගනක භාශාවක්. අපි උදාහරනයක් ගමු. 
බල්බ් එක පත්තුවෙන කොට ඒකෙන් 1 කියලා කියනවා. බල්බ් එක නිවුනම 0 කියල  කියනවා. මේ ක්‍රමයට ඕනම දෙයක් ගැන තොරතුරක් දක්වන්න පුලුවන්. Numbers පෙන්වන හැටි ගැන පහල පින්තූරෙන් ඔයාලට පොඩී අවබෝදයක් ගන්න පුලුවන් වෙයි.


බයිනරි  Number  ක්‍රමය.
බයිනරි  Number  ක්‍රමය.
  ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............

දැන් ඔයාලට පැහැදිලි එති කොහොම්ද මේක වැඩ කරන්නේ කියලා. තව පොඩී දෙයක් තියෙනවා තේරුම් ගන්න. මම අර කලින් කිවුව මයික්‍රො චිප් එකෙන් තමයි මේක දැල් වෙන එක හරි නිවෙන එක හරි පාලනය කරන්නේ. ඒ තොරතුර පරිගනක මූලික උපකරනයකයකට පහසුවෙන්ම හදුනා ගන්නත් පුලුවන්. බල්බය මගින් එන තොරතුරු හදුනා ගත්තා කියන්නේ බඩුම තමයි, ඒ කිවුවේ Wi-Fi අහු උනා වගේ තමයි. හැබයි මේක  LI-Fi !!!

මේක වැඩ කරන හැටි ගැන සම්පූර්න විස්තරයක් මේ විදියට කියන්නම්කෝ.

මේ ක්‍රමේදී අන්තර්ජාලයට සම්බන්දය දෙන කේබල් එකකුයි විදුලි බලය ලබාඩෙන කේබල් එකකුයි විශේශ උපකරනයකට ( Transceiver ) සම්බන්ද කරනවා.  ඒකෙන් එලියට එන්නේ විදුලිය සමග දත්තද ඇති කේබලයක්.  LED බල්බ් එක මේකට හයි කරනවා. ඒකෙන් එලියට එන්නේ දත්තත් එක්ක ආලෝකය යි. 
මේ ආලෝකය විශේශ සන්වේදක උපකරනයකට වැටෙන්න සලස්වනවා.
එතැනින් සම්ප්‍රේශනය වෙන දත්ත, Wireless ඩොන්ගලයක් හරහා හෝ ජන්ගම උපකරනයක් නම් (  Tab, Smart Phone වගේ එවා ) මගින් කියවා ගන්න පුලුවන්. ඒක නිසා එලිය වැටෙන ඕනම තැනකදී අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන් ලොවක් හදන්න Li-Fi තාක්ශනයට පුලුවන් කියලා දැන් ඔයාලට පැහෙදිලි ඇති.

Li-Fi On Room
Li-Fi On Room
බල්බ් එක නිවෙන පත්තුවෙන වේගය අනුව මේකෙන් ලබාගන්නා පුලුවන් වේගය තීරනය වෙනවා කියලා දැන් ඔයාලට පැහැදිලි ඇති.දැනට පාව්චි කරන සාමන්‍ය LED බල්බයක් වුවද තප්පරයෙන් දශ ලක්ශයෙන් පන්ගුවක් දක්වා අඩු කරන්න පුලුවන්. ඒකෙන් උපදින වේගය 10Gbps විතර වෙනවලු. මේ වේගයෙන් Full HD Movie එකක් Download කරගන්න යන්නේ විනාඩි බාගයක් විතරයි.


ආ..... අමතක උනා. ඔක්කොම කිඋවා. මේක 


දැන් අපි බලමු මේක ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. 

සාමාන්‍ය LED බල්බයකින් මේ ආකාරයට තොරතුරු හුවමාරු කරන්නට  එහි පරිපතයේ වෙනසක් කල යුතුය. ඒ සදහා දැනට තිබෙන පරිපතයටම කුඩා ඉලෙක්ට්‍රොනික  උපාන්ගයක් සවි කර එය දත්ත විමෝචනය කරන්නක් බවට පරිවර්තනය කර වන්නට පුලුවන්. ඒ බල්බය කුමන හෝ සාමන්‍ය හෝල්ඩරයකට සම්බන්ද කර එයින් නික්මෙන ආලෝකය හදුනා ගත හැකී රිසීවරයකට සම්බන්ද කරයි.. අපි හිතමු ඒක ප්‍රොජෙක්ටරයකට සම්බන්ද කලා කියලා. ප්‍රොජෙක්ටරයෙන් බල්බය තුලින් එන තොරතුරු පෙන්වනවා. දැනට මේ ක්‍රමයෙන්  ලබාගෙන ඇති උපරිම වේගය 500Mbps විතර වෙනවලු. මේක 10Gbps දක්වා වර්දනය කරන්න පුලුවන්. 

ඔයාලා දන්නවනේ දැනට තියෙන 4G තාක්ශනයෙනුත් ලබා ගන්න පුලුවන් උපරිම වේගය 100Mbps  වෙනවා කියලා. පිට රටකනම් මේක 20-50Mbps  විතර ස්පීඩ් එකක් ගන්න පුලුවන්. ඒත් ලන්කාවේ දී ගන්න පුලුවන් වේගය ගැන දන්නෝ දනිති.
 මේ අනුව Li-Fi වලදී ගන්න පුලුවන් වේගය අදිවේගයක් කියලා පැහැදිලි ඇති. 


Li-Fi වල වාසි ගොඩාක් තියෙනවා. 1ක් 2ක් කියන්නම්කෝ. ඔයාලට දැන් මේක කියවලාම එපා වෙලා ඇති.

Wi-Fi මෙන් නොව ආලෝකයේ වේගය විශාල බැවින් Li-Fi වල දී Wi-Fi ජාලයකට වඩා දහස් ගුනයකින් බලවත් වෙනවා. ඒ වගේම දෘශ්‍ය ආලෝකය පාවිච්චි කරන නිසා බාවිතය ලේසී. ඒවගේම ගොඩාක් ලාබදායකයි. ඒවගේම මේක ගොඩාක් කාර්‍යක්ශමයි.

අනාගතයේදී දවසක් එයි LED බල්බ් වලින් මුලු ලොවම තොරතුරු හුවමාරු කර ගන්න.  එදිනට මේ තාක්ශනය හොයා ගත්ත හැරල්ඩ් හෑන්ස්  ලෝක පූජිත වෙනු ඇත. ඒ ලොව ලාබදායකම සහ කාර්‍යක්ශම ම තොරතුරු සන්නිවේදන තාක්ශනය සොයා ගත් තැනැත්තා වශයෙනි.




Monday, January 12, 2015

You-tube Video අලුත් විදිහකට Download කරමු 1 කොටස.

You-Tube Download
You-Tube Download


You-tube ගැන ඔයාලා මොනවාද දන්නේ. 


ම්ම්ම්... 


මම හිතනවා ඔයාලා දන්නවා අති කියලා මේක තමයි  ලෝකේ තියෙන හොදම තැන කියලා Video බලන්න.   You-tube පටන් අරගෙන දැන් අවුරුදු 8ක් විතර වෙනවා. මේකේ දැන් වෙන කොට  Video  මිලියන ගානක එකතුවක් තියෙනවා. එක දවසකට You-tube එකට ලෝකෙ වටෙන්ම සෙනග මිලියන ගානක් එනවා.

ඇති ඇති දැන් බයිල කියෙවුවා. මම අද ඔයාලට කියන්න ආපු එක කියන්නම්කෝ.  මේක තමයි  මේ post එකේ පලවෙනි කොටස. හරිද?  මේ පොස්ට් එකෙන් කියන්නේ කොහොමද ලේසියෙන්ම  You-tube Video එකක්  Download කර ගන්නේ කියලා. හරි එහෙනම් වැඩ පටාන් ගමු සුබ මොහොතින්. OK?

මෙන්න මෙච්චරෛ කරන්න තියෙන්නේ. මුලින්ම You-tube එකට ගිහින් ඔයාට Download කර ගන්න ඕන වීඩියෝ එකේ  URL එක  COPY කර ගන්න. ඈ? මොකක්ද මේ මූ කියන්නේ කියලා දැන් ඔයාලා බලනවා ඇති. හරි හරි මම පැහැදිලි කරනකල් ඉන්නකෝ...  වීඩියෝ එකේ  URL එක හොයා ගන්නේ ඔයාලගේ Web Browser  එකේ   Address bar   එකේ තියෙන  LINK එක. වෙන මුකුත් නෙවෙයි. 
වීඩියෝ එකේ  URL එක හොයා ගන්න තව එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි  ඔයාලා play කරන Video  එක උඩ Right Click කරලා එන Menu එකෙන්  Get Video URL  කියන එක Click කරලා එන WINDOW එකෙන් Video URL එක COPY කරලා   . හරි ඒක ගත්තද?    

ඒක වෙන්න ඇති ඔයාලට Download  කර ගන්න ඕන Video එක.

මම හරිද? 

දැන් මේ  LINK එකට මෙතනින් යන්නකෝ.... . හරි ඔයාට දැන් පහලින් තියෙනවා වගේ රූපයක් පෙනෙයි.


clip converter.cc
clip converter.cc


දැන් ඉතින් පොඩි වැඩෛ කරන්න තියෙන්නේ. 

ඔයාල COPY කර ගත්ත  Video  එකේ URL එක ඔය පින්තූරේ තියෙනවා වගේ Media URL To Download කියන තැනට Paste කරන්න. දැන් ඔයාට Download කර ගන්න ඕන Video Format එක හරි  Audio Format එක හරි තෝරලා ඔයාට ඕන විදිහට Settings  හදලා ඔය දිලිසි දිලිසි තියෙන ඔයා නොයිවිසිල්ලෙන් ඔබන්න බලාගෙන හිටපු Download Batten එක ඔබන්න. 

දැන් ලස්සනට ඔයාට  Download කර ගන්න ඕන උන  Video එක ලස්සනට Download  වෙලා ඔයාගෙ කොම් එකට එයි.

මේ ක්‍රමය පාව්චි කරල ඉන්ටෙර්නෙට් එකේ තියෙන ගොඩාක් Video  Download කර ගන්න පුලුවන්.

ඔයාලා මේ ක්‍රමයට කැමතිනම් මෙයාලගේ Browser Addon එක ඔයාගෙ Web Browser එකට දා ගන්න.




               



                     










අදට ඒ අති වගේ හිතෙනවා. Type කරලා කරලා අතත් රිදෙනවා. එහෙනම් ඉතින් අදට Bye Bye!!


Sunday, January 11, 2015

බයෝ ප්‍රින්ටින්! තීන්ත වෙනුවට සෛලත් කඩදාසි වෙනුවට සමත් යොදා ගෙන අවයව මුද්‍රණය කරයි




කොහොමද යාලුවනේ? මම නම් හොදින්. ඔයාලට කොහොමද? හරි හරි මම දන්නවා ඔයාලත් හොදින් කියලා. අද නම් මම ඔයාලට ගෙනාවේ පට්ටම පට්ට  post එකක්. මේකත් ඉතින් තාක්ශනයේ දියුනුවත් එක්ක මේ ලෝකෙට ඉපදුන එකක් තමයි.   මේකෙ නම බයෝ ප්‍රින්ටින්!      මේ post එකේ මාතෘකාවෙන්ම තේරෙන්න ඇතිනේ මම මොකක් ගැනද මේ කියන්න හදන්නේ කියලා.

කතා කලා අති දැන් කතාව කියන්නම් කෝ.

 ඔයාල දන්නවනේ ඉන්ජෙක්ට් ප්‍රින්ටරයකදී කඩදාසියක් මත මුද්‍රණය කරන්නේ තීන්ත විදීමෙන් කියලා. එහෙම වෙන්නේ තීන්ත විදීමේ රටාවත්, විදින තීන්ත වර්ගයත් මොනවාද කියා ඔයාලගේ කොම් එකෙන් දෙන විධාන  නිසා කියලා ඔයාල දන්නවානේ. ඒවගේම තමයි මේ අලුත් තාක්ශනයනුත් කරනේ. ඒත් පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි තීන්ත වෙනුවට සෛලත් කඩදාසි වෙනුවට සමත් යොදා ගෙන අවයව "මුද්‍රණය" කරන්න පුලුවන් වීමයි. මේක හොයාගෙන තියෙන්නේ අමෙරිකානු පොරක්. එයා තමයි කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හොඩ් ලිප්සන් කියන සුද්දා.
              එයා මේ වියාපෘතිය නම් කරල තියෙන්නේ ' lab @ home '  කියලා. මේකත් 3D ඒ කියන්නේ ත්‍රමාන මුද්‍රණය යන්ත්‍රයක්.  මේක ලෝකෙට එලි දක්වන වෙලාවේ එයා කෘත්‍රම කනක්  මුද්‍රණය  කරලා ඒක සාර්තකව ජීවියෙකුට බද්ද කරලා පෙන්වලා තියෙනවා. මේකෙන් මුද්‍රණය කරන්නේ නොයෙක් බදාම මාදිලියේ රසායන ද්‍රවයයි. එහෙත් ස්වාභාවික කට්ලේජයක ගති ඇති සිලිකෝන් වර්ගයකින් ලු.

           
                                       මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලත් දැන ගන්න ඔයාල කැමති ඇති.                   ඉවසල ඉන්නකෝ.  මම ටික ටික ඔක්කොම  කියනකල්.
හම්මේ කරිම මහන්සී. මේ ටික ටයිප් කරලා. මම වතුර එකක් බීලා එන කල්  ඔහොම්ම ම  ඉන්නකෝ.
මම  වතුර එක බීලා එනකම් ඔයාලා මේ  බයෝ ප්‍රින්ටින් ගැන තියෙන  video එක බලන්නකෝ.







         ඔන්න මම වතුර එකක් බීලා ආවා. video එක බැලුවද? ඔයාලට එහෙනම් මම කියන්නේ මොකක්ද     කියලා තේරෙන්න ඇති.

        හිතන්නකෝ ඔයාව ගොඩාක් පිච්චුනා කියල. ඔයා ලග බයෝ ප්‍රින්ටරයක් තියෙනවනම් තුවාලය Scan කරලා තුවාලය වැහෙන්න හම මුද්‍රණය කරනවා. ඒකත් නිකන් ආවාට ගියාට නෙමෙයි  කරන්නේ තුවාලයේ ගැඹුර, හානි වී අති සම්බන්ධක පටලවල තත්ත්වය වගේ ඒවා  විශේශ පරිගනක වැඩසටහනක්  විසින් අවශය සෛල තෝරා දෙයි.  ඊට පස්සේ සාමන්‍ය විදිහට ඒ කියන්නේ සාමන්‍ය මුද්‍රණ යන්ත්‍රයකින්  මුද්‍රණය කරනවා හා සමානව අලුත් සමක් ද මුද්‍රණය කරන්න පුලුවන්. මේ ප්‍රින්ටරයේ නම බයෝප්‍රින්ටරයයි.                              

  එල-කිරි හරි ශෝක් !

         බයෝප්‍රින්ටරයෙන් අවයවයක් මුද්‍රණය කිරීමත් , ඒක  සිරුරට සම්බන්ද කිරීමත්, අජීවී චායාරූපයක් ප්‍රතිනිර්මානය කරනවාට වඩා බොහෝ සංකීර්ණය. වැරැද්දක් නම් උනොත් නම්  විනාසයි.  මිනිස් ජීවිත සමග ගනුදෙනු කල හැකි තරමට මේ  තාක්ශනය විශ්වාසනීයවෙන්න ඕනේ. මේ ඔක්කොම එක පාර කරන්න බෑනෙ. මේකෙ වැඩ ඉවර කරන්න තව කාලයක් යයි. දැන් පර්යේශන කරන වේගයෙන්, අනලස්ව ඒ වැඩ කරගෙන ගියොත්, තව අවුරුදු  20ක් යන කොට ඔයාලගේ ගෙදරටත් මේක සාමාන්‍ය උපකරනයක් වෙයි.

හරි ශෝක් නේද? ගෙදර වෙන තුවාල ඒ වෙලාවෙම හොද කර ගන්නත් පුලුවන් වෙයි. ඒ දවස එනකන් අපි නිහඩව බලාගෙන ඉමු.

               ලැබ් ඇට් හෝම් යනු අනාගතය වෙනස්කරන වෛද්‍ය  සම්ප්‍රදායයි.