Showing posts with label tools. Show all posts
Showing posts with label tools. Show all posts

Sunday, January 18, 2015

මෙන්න මෙහෙමයි සුපිරි Password එකක් හදා ගන්නේ.

මෙන්න මෙහෙමයි සුපිරි  Password  එකක් හදා ගන්නේ.
 මෙන්න මෙහෙමයි සුපිරි  Password  එකක් හදා ගන්නේ. 


  කොහොමද යලුවනේ............

අද  Post යන්න කලින් ඔයාලට කියන්න Good ආරන්චියක් තියෙනවා. 
ඒ තමයි මගේ බ්ලොග් අඩවියේ page views 4000 පැනීම. 
ඇත්තටම මම මේ බ්ලොග් එකට හරියට බැහැලා වැඩ කරන්න අරන් තාම දවස් 5යි.
 දවස් 5ට මෙචර එන්න හේතුව මම ඔයාලට නිතරම වටිනා දෙයක් දෙන්න හිතන නිසා  වෙන්න ඇති කියලා හිතනවා. 

ආ..... 

  දැන්  ආපු කාරනේට දැන් යමුකෝ. 

අද මම කියන්න යන්නේ කොහොමද හොද  Password එකක් ඔයාම හදා ගන්නේ කියලා. මේකට ගොඩාක්  Software වගේ ඒවත් තියෙනවා. ඒත් ඉතින් ඒවගෙන් හදලා දෙන   Password මතක තියා ගන්න එක තමයි  අමාරුම දේ.   ඒකයි ඔයාලට මම මේ ගැන කියන්න හිතා ගත්තේ. 

හැකර් කෙනෙක්ට කඩන්න බැරි  Password එකක් හදා ගන්න නම් මම පහලින් දාලා තියෙන නීති ටික පිලිපදින්න ඕනේ. ඔයාලට ඒක කරන්න පුලුවන්නම් ඔයාටත්  සුපිරි  Password එකක් හදා ගන්න පුලුවන් වෙයි.

එහෙනම් පටන් ගමු.

                                     1 ).         අකුරු අඩුම වශයෙන් 8ක් ඔයාගේ  Password එකට දාන්න.  Admin Account ( Facebook , Twitter) එකකට  Password එකක් දානවා නම් 
අඩුම සන්කේත( අකුරු , ඉලක්කම් , !@#$%^&* වගේ ඒවා ) 12ක් 15ක් වත් තියෙන  Password එකක් දාන්න මතක තියා ගන්න. 


මම එහෙම කියන්නේ එතකොට කවුරු හරි ඔයාගේ  Password එක කඩන්න හැදුවත් ඒක අනුමාන කරන්න අමාරු වීම නිසයි. අපි උදාහරනයකට ඉලක්කම් 8ක් තියෙන සන්ක්‍යාවක්  ඔයාගේ  Password එකට දැම්මා කියලා හිතමු. මේ  ඉලක්කම් 8කින් සමන්විත Password එක
 එකිනෙකට මාරු කර විදි  ( විය හැකියා - Possibilities ) ගනන ට්‍රිලියන 218ක් වෙනවා. ඒක නිසා ඉලක්කම් 8 කට වඩා වැඩි Password එකක් ඔයාගේ
  Admin Account එකක ට( Facebook , Twitter) දාන එක නුවනට හුරුයි කියලා ඔයාලට තේරෙන්න ඇති.

මෙන්න ඊලග එක 

2 ).             Password  එක ඉන්ග්‍රීසි කැපිටල්, සිම්පල් මාරුවෙන් මාරුවට දාන්න. 

එතකොට ඔයාගේ Password  එක කෞරු හරි දැක්කත් මතක තියා ගන්න ටිකක් අමාරු වෙනවා.


3 ).           ඉලක්කම් සහ විස්මයාර්ත ලකුන වගේ ලකුනු ඔයාගේ Password  එකට  දාන්න.. 


4 ).               නම්, උපන්දින වගේ දේවල් Password  එක ට දාන්න ම එපා.

5 ).               සාමාන්‍ය භාවිතයේ ඇති ඔයා පාවිච්චි කරන වචන ත් දාන්න එපා..


6 ).        ඔයාට හොදටම මතක තියෙන වැකියක් ( Pass phrase ) පාවිච්චි කරන්න. 

ඊලග එක තමයි හොදම එක. 

7 ).       එකම Password  එක හැම Account එකක ට ම දාන්න එපා. 


මේ කරුනු පිලිපදිනවානම් ඔයාට හොද Password එකක් හදා ගන්නත් පුලුවන් වෙයි. 



හදාගත්ත Password එක හොද එකක්ද කියලා Check කර ගන්න මෙතනින් යන්න කෝ......



මේ පහලින් තියෙන්නේ හොද  Password එකක ලක්ශන...


 හොද  Password එකක ලක්ශන...
 හොද  Password එකක ලක්ශන...




හොද 
 Password එකක් හදා ගතාට මදි. ඒක ආරක්ශා කර ගන්නත් ඔයා දැන ගන්න ඕනේ.

ඒකට................


1 ).           Wi-Fi තියෙන වැඩිපුර මහ ජනයා වෙසෙන තැන් වල ඔයා  
Password එක පවිච්චි කරන්න යන්න එපා. මොකද ඒ වෙලාවේ හැකර් කෙනෙක් Wi-Fi ජාලය සමග සම්බන්ද වී සිටියොත් ඔයාගේ Password එක එයාගේ අතට යන්න පුලුවන්. 

2 ).     Web Browser වල Password එක   Save කරන්න එපා. 

3 ). මැල්වෙයා වලට ඉඩ දෙන්න එපා. නිතරම හොද Anti-Virus Software  එකක් පාවිච්චි කරන්න.



    එහෙනම් ඉතින් මම අදට යන්නම්.
තවත් මේ වගේම Post එකක් අරගෙන ඉක්මනටම එන්නම්.
එතකන් Bye Bye!!


ආ කියන්න අමතක උනා. යන ගමන් අපේ Facebook Page එකට Like එකක් දා ගෙනම යන්න.

Monday, January 12, 2015

You-tube Video අලුත් විදිහකට Download කරමු 1 කොටස.

You-Tube Download
You-Tube Download


You-tube ගැන ඔයාලා මොනවාද දන්නේ. 


ම්ම්ම්... 


මම හිතනවා ඔයාලා දන්නවා අති කියලා මේක තමයි  ලෝකේ තියෙන හොදම තැන කියලා Video බලන්න.   You-tube පටන් අරගෙන දැන් අවුරුදු 8ක් විතර වෙනවා. මේකේ දැන් වෙන කොට  Video  මිලියන ගානක එකතුවක් තියෙනවා. එක දවසකට You-tube එකට ලෝකෙ වටෙන්ම සෙනග මිලියන ගානක් එනවා.

ඇති ඇති දැන් බයිල කියෙවුවා. මම අද ඔයාලට කියන්න ආපු එක කියන්නම්කෝ.  මේක තමයි  මේ post එකේ පලවෙනි කොටස. හරිද?  මේ පොස්ට් එකෙන් කියන්නේ කොහොමද ලේසියෙන්ම  You-tube Video එකක්  Download කර ගන්නේ කියලා. හරි එහෙනම් වැඩ පටාන් ගමු සුබ මොහොතින්. OK?

මෙන්න මෙච්චරෛ කරන්න තියෙන්නේ. මුලින්ම You-tube එකට ගිහින් ඔයාට Download කර ගන්න ඕන වීඩියෝ එකේ  URL එක  COPY කර ගන්න. ඈ? මොකක්ද මේ මූ කියන්නේ කියලා දැන් ඔයාලා බලනවා ඇති. හරි හරි මම පැහැදිලි කරනකල් ඉන්නකෝ...  වීඩියෝ එකේ  URL එක හොයා ගන්නේ ඔයාලගේ Web Browser  එකේ   Address bar   එකේ තියෙන  LINK එක. වෙන මුකුත් නෙවෙයි. 
වීඩියෝ එකේ  URL එක හොයා ගන්න තව එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි  ඔයාලා play කරන Video  එක උඩ Right Click කරලා එන Menu එකෙන්  Get Video URL  කියන එක Click කරලා එන WINDOW එකෙන් Video URL එක COPY කරලා   . හරි ඒක ගත්තද?    

ඒක වෙන්න ඇති ඔයාලට Download  කර ගන්න ඕන Video එක.

මම හරිද? 

දැන් මේ  LINK එකට මෙතනින් යන්නකෝ.... . හරි ඔයාට දැන් පහලින් තියෙනවා වගේ රූපයක් පෙනෙයි.


clip converter.cc
clip converter.cc


දැන් ඉතින් පොඩි වැඩෛ කරන්න තියෙන්නේ. 

ඔයාල COPY කර ගත්ත  Video  එකේ URL එක ඔය පින්තූරේ තියෙනවා වගේ Media URL To Download කියන තැනට Paste කරන්න. දැන් ඔයාට Download කර ගන්න ඕන Video Format එක හරි  Audio Format එක හරි තෝරලා ඔයාට ඕන විදිහට Settings  හදලා ඔය දිලිසි දිලිසි තියෙන ඔයා නොයිවිසිල්ලෙන් ඔබන්න බලාගෙන හිටපු Download Batten එක ඔබන්න. 

දැන් ලස්සනට ඔයාට  Download කර ගන්න ඕන උන  Video එක ලස්සනට Download  වෙලා ඔයාගෙ කොම් එකට එයි.

මේ ක්‍රමය පාව්චි කරල ඉන්ටෙර්නෙට් එකේ තියෙන ගොඩාක් Video  Download කර ගන්න පුලුවන්.

ඔයාලා මේ ක්‍රමයට කැමතිනම් මෙයාලගේ Browser Addon එක ඔයාගෙ Web Browser එකට දා ගන්න.




               



                     










අදට ඒ අති වගේ හිතෙනවා. Type කරලා කරලා අතත් රිදෙනවා. එහෙනම් ඉතින් අදට Bye Bye!!


Sunday, October 5, 2014

All in One Desktop Editer......

All in One Desktop Editer......
All in One Desktop Editor......
යාලුවනේ ඔන්න මම අද දෙන්න ආවේ ගොඩක් අයට ඕන වෙන ඒත් එක software  එකකින් කර ගන්න බැරි ගොඩක් දේවල් අර ගන්න පුලුවන් 1 software 1 ක්.

මේකෙන් ගොඩක් වැඩ ඔයාලට පහසුවෙන් ඉක්මනින් කරගන්න පුලුවන් වෙයි .

ආ කියන්න බැරි උනා.මේකෙන් වැඩ කරන්න software 1 install කරන්න ඕනෙ නෑ. ඒ කියන්නේ portable විදිහට වඩ කරන්න පුලුවන් කියන එක. මෙයා ගැන මුලින්ම කියලා ඉන්නම්කෝ.

මේ පොඩි වැඩ කාරය 5MB විතරයි.

එහෙනම් අපි දැන් මේකෙන් කරන්න පුලුවන් දේවල් ගැන බලමු.

1. ඔයාගේ කොම්පුටරේ Desktop එක  white board එකක්  කර ගන්න පුලුවෙන්.

2. ඔයාගේ photo ඔයා කැමති විදියකට edit කරගන්න පුලුවන්.

3.  ඔය ලග තියෙන photo Face book එකට , twitter  එකට upload කරන්න පුලුවන්.

4. Magnifier පහසුකම.(පොඩි දේවල් ලොකු කරල බැලීම.)

5. Photo e- mail පහසුකම.

6.ඔයාල වෙබ් ඩිසයින් (web design), photo shop කරනවනම් ගොඩක් වැදගත් වෙන colour picker tool 1.

7.Color palette tool 1ක.( ඔයාල වෙබ් ඩිසයින් (web design), photo shop කරනවනම් ගොඩක් වැදගත් වෙන)

8.Pixel ruler

9.Protractor tool එක.

එහෙනම් මෙතනින් ගිහින් download කර ගන්නකෝ. ----

මෙතනින් ගිහින් මේ ලොකු වැඩ කරන පොඩ්ඩව Download කර ගන්න.



එහෙනම් අදට මම ගියා. මගේ blog  එක ගැන හිතෙන දේ පහලින් කොම්මෙන්ට් කරල යන්න. Bye! Bye!!

Friday, October 3, 2014

GAME ගහන්න V.G.A 1 මදිද? මෙන්න විසදුම.




GAME ගහන්න  V.G.A  1 මදිද? මෙන්න විසදුම.
play games without VGA card


GAME ගහන්න  V.G.A  1 මදිද? මෙන්න විසදුම.  කරන්නෙ තියෙන්නෙ මම කියන විඩිහට කරන්න විතරයි.
එහෙනම් පටාන් ගමු.
පියවර 7යි.
මේක වැඩ  කරන්නෙ  ram 1 2gb ට වඩා  වැඩි නම් විතරයි.
එහෙනම් පටන් ගමු.

1. මෙතනින් ගිහින් මේ වැඩේට ඕන  software 1 download කර ගන්න කෝ...

Download කරගන්න මෙතන ඔබන්න.

2. දැන්  download කර ගත්ත software 1 තියෙන  file 1 unzip කර ගන්න. unzip කර ගන්න winrar software 1 ඕනෙ.   ඔයා ලග winrar නත්නම්
මෙතනින් download කර ගන්න.-

WinRar Download කරගන්න මෙතන ඔබන්න.


3.දැන් software 1 open  කර ගන්න.

4. game 1 .EXE game  1 ran කරන  file 1 තෝරන්න.

5. game 1 ට ඕන  performance තෝරන්න.

6. දැන්  vendor ID , Device ID කියන තැන් වලට  ඕන  VGA card 1 තෝරල දන්න. ( දකුනු පැත්තේ  අති දාන්නෙ පුලුවන්  v.g.a card ලිස්ට් 1ක්.)

7. දැන්  game 1 run කරන්නෙ.

*** දැන් ඉතින් ඔයගේ  කොම්  1 ඕනම ලොකු  ගේමක්  ගහන්නෙ පුලුවන්.
එහෙනම් මම අදට යනව.  Bye Bye.....


Monday, September 29, 2014

low connection වල high speed internet යමු. ( MB 4)


low connection වල high speed internet යමු.  ( MB 4)
low connection වල high speed Internet යමු. 

කොහොමද ඔයාලගේ Internet Connection එකේ Speed   එක? ගොඩක් අය මේ ප්‍රශ්නෙට කියයි මගේ Speed   එක වැඩක් නෑ කියල. හොදටම මදි කියලා. ඉතින් මටත් මේ ප්‍රශ්නෙම තිබුනා.

 මම ඉතින් මගේ කොම් එකෙන් Google දෙයියට කිව්වා මේකට මොනව හරි උත්තරයක් හොයල දෙන්න කියල. ඔන්න යිතින්
Google දෙයිය මට දුන්න උත්තරේ තමයි මම මේ ඔයාලට දෙන්න යන්නේ.

 Google දෙයිය ඉතින් නොදන්න දෙයක් නෑ නේ
 ( ඒ කිව්වට මේක මම  Google දෙයියගෙන් ඉල්ලල ඉල්ලල පුදුම කට්ටක් කාල තමයි හොයා ගත්තේ. මුලින් මට කිව්වෙම නෑ.).

 Google දෙයිය කිව්වා මට 'මචන් සුපිරි web browser එකක් නම් තියෙනවා බන්. හැබැයි මේක ගැන කව්රුත් වැඩිය දන්නේ නෑ.අරගෙන බලපන්' කියල. ඉතින් මමත් ගත්තා. MB 4  යි බන් ගියේ.
මේකනම් පට්ට browser එකක් කියල තේරුනේ අරගෙන නෙට් එකේ ටික වෙලාවක් රවුම්  ගහද්දි. කියල වැඩක් නෑ. පට්ට සුපිරි. මේකෙ පෙනුම නම් වැඩිය හොද නෑ.
හරි මම දැන් කියන්නම් මේකෙන් නෙට් Speed  කරන්නේ කොහොමද කියල.

ඔයාල දන්නවනේ  Ad block  වගේ දේවල් දා ගත්තම නෙට් එක ගොඩාක් Speed වෙනවා කියල. Chrome වගේ web browser එකකින් Ad block  කරන්න වෙනම  Extension ගන්න ඕනෙනේ.ඒත් මේ  Browser  එකේ මේ ඔකොම Install   කරදිම එනවා.මේ වගේ ගොඩාක් Options  මේකෙ තියෙනවා.  මේක Install කරද්දිම ad block, flash block , script disable , disable sounds , pop-up block,image block, video block  වගේ දේවල් එනවා.

 දැන් ඉතින් ඔයාලට හිතෙයි මේව ඔක්කොම disable කරලා නෙට් ගිහින් වැඩක් තියෙනවද කියලා.
හරි අපි උදාහරනයක් ගමු. ඔය web site එකකට යනව කියල හිතතමු.
ඒකෙ  background එකෙන් Music( sound) එකක් play  වෙනවා.
 අපි web site එකකට යන කොට ඔය Music එක play වෙන්න ඕන කරන Music  File එක ඔයාගේ කොම් එකට  Download වෙනවා ඔයාට නොදැනිම.Music  File එක ඔයාට අත්‍යවශ්ශය දෙයක් නෙමෙයි නේ. ඒක  Download කරන්න යන කාලයත් අරගෙන browser එකෙන්  Speed එක අරගෙන දෙනවා.සුපිරි නේද?

 මම මේ දෙන්න යන සුපිරි web browser එකෙන් මේක වෙන එක වලක්වලා ඔයාට ඕන Speed  එක අරගෙන දෙනවා.
 හිතලා බලන්න කෝ Ad block, Flash block , Script disable , Disable sounds , Pop-up block,Image block, Video block  මේ ඔක්කොම එකතු උනාම කොච්චර   Speed එකේ නෙට් යන්න පුලුවන්ද කියලා.
 ඔක්කොම කිවුවා ඒත් මම මේ සුපිරි web browser  එකේ නම කිවුවේ නෑ නේ. මෙයාගේ නම Avant Browser. මෙයා MB 4. පට්ට.  ආ තව දෙයක්. මේ සුපිරි web browser  එකේ  rendering  engines 3ක් ම තියෙනවා. ඒ කිවුවේ ඔයාලට වෙබ් සයිට් එකකට  IE එකෙන් යනවා වගේ යන්නත් පුලුවන්. නැත්නම්  Chrome එකෙන් හරි FireFox  එකෙන් යනවා වගේ යන්නත් පුලුවන්. කිසිම වෙනසක් ඔයාලට දැනෙන එකක් නෑ .

හරි හරි දැන් ඉතින් කියෙවුවා ඇති .එහෙනම් ඉතින් මෙතන කොටල හරි පහලින් හරි මේ පොඩි වැඩ කාරයාව Download කර ගන්නකෝ.

                                                   මෙතනින් Download කර ගන්නකෝ.






Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීම 1 කොටස




Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීම
Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීම
ඇන්ඩ්‍රොයිඩ් යනු, Smart ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක සඳහා අතිශය ජනප්‍රිය වූ මෙහෙයුම් පද්ධතියකි.
එහෙත් ඉන් ඔබ්බට ගොස්,
ඔබේ පරිගණකයටත් මෙම මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ කර ගත හැකි බව ඔබ දන්නවා ද?
එවිට එම පරිගණකයෙහි එකිනෙකට වෙනස් මෙහෙයුම්
පද්ධති දෙකක් ක්‍රියාත්මක වනු ඇත.

මේ පිළිබඳ ව අවධානය යොමු කර ඇත්තේ Intel සමාගම යි. Windows 8 සහ Android යන මෙහෙයුම් පද්ධති දෙක ම ක්‍රියාත්මක
වන පරිගණක පිළිබඳ ව ඔවුන් අත්හදා බලමින් සිටින අතර, මෙම පහසුකම ලබා ගැනීමට ඔබට නව පරිගණකයක් මිලට ගැනීමට සිදු නො වේ.
පහත ක්‍රම යොදා ගැනීමෙන්, ඇන්ඩ්රොඩයිඩ් apps පමණක් නොව එම මෙහෙයුම් පද්ධතිය පවා පරිගණකයෙහි ධාවනය කරවීමට ඔබට
අවස්ථාව ලැබෙනු ඇත.

 එහෙනම් අපි බලමු කොහොමද ඔබගේ මෙහෙයුම් පදතිය තිබියදීම Android install  කර ගන්නා ආකාරය.
 පහත මම දාලා තියෙන ක්‍රම ඔක්කොම සෑම windows මෙහෙයුම් පදතියක් සමගම වැඩ කරනව.

1. BlueStacks

Windows මෙහෙයුම් පද්ධතිය තුළ Android apps ක්‍රියාත්මක කරවීමට ඇති පහසු ම ක්රසමය ලෙස මෙය හඳුනා ගත හැකි ය.
මෙහි දී සිදු වනුයේ මෙහෙයුම් පද්ධතිය වෙනස් කිරීමක් නොව, එය එසේ ම තිබිය දී Android apps ක්‍රියාත්මක වන්නට සැලැස්වීමකි.
Google Play වෙතින් ඉතා පහසුවෙන් apps install කර ගැනීම සඳහා අවසර ලබා දීම මෙහි දී සිදු වන අතර, එම apps ක්‍රියාත්මක
වීම ද මනා කාර්යක්ෂමතාවකින් යුතු ව සිදු වෙයි. ඔබට අවශ්‍යද වන්නේ Android apps ක්‍රියාත්මක කරවීම නම්, මෙය ඒ සඳහා වඩාත් උචිත විසඳුම වනු ඇත.

                        ***Blue Stacks download කර ගන්න මෙතන කොටන්න***

2.Official Android Emulator


Android SDK පහසුකමෙහි කොටසක් ලෙස මෙම පහසුකම ද ඔබට ලැබේ. මෙහි දී, Windows මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය
ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එසේ ම මෙය, සම්පූර්ණ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පරිහරණය කිරීමේ අයිතිය ඔබට ලබා දීමකි. දිනපතා භාවිතයට
මෙය සුදුසු නොවන්නේ එහි කාර්යක්ෂමතාව අවම මට්ටමක පැවතීම නිසා ය. නව apps පරීක්ෂා කිරීම වැනි සුළු කටයුතු සඳහා මෙය භාවිත කරනු විනා,
බොහෝ වේලාවක් මුළුල්ලේ සිදු කරනු ලබන ක්‍රියාකාරකම් උදෙසා මෙය සුදුසු නොවනු ඇත.
Google වෙතින් ලබා දෙන Android SDK පහසුකම download කර SDK Manager වෙත පිවිස, Tools > Manage AVDs ඔස්සේ New button යන්න click
කර මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ගැනීම සිදු කළ හැකි අතර, Start button එක ඔස්සේ එය ක්‍රියාත්මක කළ හැකි වේ.

                                     ***Official Android Emulator download***


3.Android-x86

Intel සහ AMD ප්‍රොසෙසර සහිත ලැප්ටොප් හෝ ටැබ්ලට් පරිගණකවල Windows හෝ Linux මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වන විට
ඇන්ඩ්රොියිඩ් මෙහෙයුම් පද්ධතිය ද ක්රිoයාත්මක කරවීමේ හැකියාව මෙමගින් ලැබේ. අඩු බලයකින් ක්‍රියාත්මක වන Notebooks සඳහා ද
මෙය යොදා ගත හැකි ය. ASUS Eee PCs,Viewsonic Viewpad 10, Del Inspiron Mini Duo, Samsung Q1U, Viliv S5,
Lenovo ThinkPad වැනි උපකරණ කිහිපයකට පමණක් සීමා වී ඇති මෙම පහසුකමෙහි කාර්යක්ෂමතාව ඉහළ අගයක් ගන්නා බවක් දැක ගත නොහැකි ය.

                                            *** Android-x86 download***

4.youwave

  මෙයද    bluestack වැනිම වඩසටහනකි.  app      download  පහසුකම් සහිතයි.

                                                 *** youwave download***

4.Android on Intel Architecture

මෙනමින් හැඳින්වෙන පහසුකම යටතේ සිදු වන්නේ, UEFI firmware එක සහිත නව Intel පරිගණකවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම්
පද්ධතිය ක්‍රියාත්මක වන්නට සැලැස්වීම යි. එවිට ඔබ ගේ ලැප්ටොප් හෝ ටැබ්ලට් පරිගණකය, මෙහෙයුම් පද්ධති දෙකකින් යුක්ත වනු ඇත.

මෙය සැම උපකරණයක ම ක්‍රියාත්මක වන පහසුකමක් නොවන අතර, මේ වන විට දැක ගත හැකි ව ඇත්තේ Samsung XE700T, Acer Iconia W700,
Lenovo X220T සහ X230T යන උපකරණවල පමණක් ක්‍රියාත්මක වන බවකි. අනාගතයේ දී මෙම පහසුකම තවත් වර්ධනය කෙරෙනු ඇත.


***මෙම ක්‍රම හතරෙන් ඔබ ගේ අවශ්‍යතාවට ගැළපෙන ක්‍රමය තෝරා ගැනීමේ වගකීම ඔබ සතු වේ. නිදසුනක් වශයෙන් ගත් කල,
ඇන්ඩ්‍රොයිඩ් apps පමණක් අවශ්‍ය වන ඔබට මේ අතුරින් පළමු ක්රවමය වඩාත් පහසුවෙන් අනුගමනය කළ හැකි වේ.