Wednesday, January 28, 2015

"හැකරුන් ( Hacker ) " ගේ ලෝකය වෙත පිවිසෙමු!!

 "හැකරුන් ( Hacker ) " ගේ ලෝකය වෙත පිවිසෙමු!!
 "හැකරුන් ( Hacker ) " ගේ ලෝකය වෙත පිවිසෙමු!!


කොහොමද යාලුවනේ.. 


මේ දවස් ටිකේම ඔයාලට අලුත් ලිපියක් දෙන්න බැරි උනා. මම ඔයාලාට කලින් කිවුවා වගේ මම A/L වලට පාඩම් කරන නිසා. බ්ලොග් එකේ  Pageviews හොදටම අඩු වෙලා. හිත වාවන්නේ නැතුව ගිය නිසා තමයි මේ Post එක කොහොම හරි දානවා කියලා හිතා ගත්තේ.  

මාතෘකාව දැක්කම ඔයාලට මම කියන්න යන දේ ගැන හිතා ගන්න පුලුවන් නේද? 

 "මේ Post එක ලියන්න මට Idea එක දුන්නේ මගේ ධනුක කියලා යාලුවෙක්. දවසක් එයාට ඕන උනා Wi-Fi Hack කරන්න ඉස්කෝලෙදි. මම ත් ඉතින් දන්න සෙල්ලම් ඔක්කොම දාලා Hack කරලා පෙන්නුවා. දැන් ඔයාලා අහයි ඉස්කෝලෙදි මම Wi-Fi Hack කරන්න Phone එක හරි Lap එක හරි ඉස්කෝලේ ගෙනියනවද කියලා. මේකයි සීන් එක ...  ඉස්කෝලේ Science exhibition එකක් තිබුනා. ඒකට මමයි ධනුකයි  එකතු වෙලා Item එකක් කලා. ඒකට ධනුක එයාගේ Lap එක ගෙනාවා.  ඒකෙන් ඉස්කෝලෙ Wi-Fi  ජාලයට කෙලියා.  තාමත් වෙලාවක් හම්බු උනාම ඉස්කෝලේ Wi-Fi  ජාලයට කෙලිනවා. "


Hikzzzzzzzz.......... 

කතා කිවුවා ඇති. දැන් යමු අපි ආපු වැඩේට.


හැකර්
හැකර් 


හැකරුන් එහෙමත් නැත්නම්   Hacker කියපු ගමන් ඔයාලට මතක් වෙන්නේ කා ගැනද? ඒක මම මෙහෙම කියන්නම් කෝ................


"වෙනත් අයෙකුගේ පරිගණකයකට නීති විරෝධී ලෙස ඇතුලත් වී එහි දත්ත සොරා ගන්නා වෙනත් පරිගණකයකට වෛරස  හෝ Spyware වැනි හානිදායක අයිතමයන් එකතු කරනා , එමඟින් වෙනත් පුද්ගලයන්ව අපහසුතාවයට පත් කරනා , ඇතැම් විට පරිගණකගත දත්ත ඇසුරෙන් ආර්ථිකය විනාශ කරන, සයිබර් යුද්ධයක් ඇති කරවන අයෙකුගේ  මුහුණකි. "


මම හරි නේද මචෝ............. Hikzz......

නිකමට ඔයාලා කල්පනා කරලා බලන්න  ඇයි ඔයාලා Hacker කියපු ගමන් එහෙම දෙයක් හිතුවෙ? ඒකට හේතුව මොකක්ද? ඇයි මේ වගේ කලු පැල්ලමක් Hacker  නම ඉදිරියෙන් ලියවිලා තියෙන්නේ? 


.....................



අනේ මන්දා?................. mmmmmmmmm.....

 අනිත් අය කියනවට කියනවා. එහෙමත් නැත්නම් ඔයාලා Hacker කියන කෙනා ගැන හරියට දන්නේ නෑ. 


ඇත්තටම Hacker කියන  පදයට මේ වගේ අපකීර්තියක් ලැබිලා තියෙන්නේ  මාධ්‍ය වලින් එයාලට  එරෙහිව 
කියන  කරන කරුණු  නිසා. ඒ විතරක් නෙවෙයි  ඉස්සෙල්ලා කියපු විදිහේ  ඉතාම පහත් තත්වයේ කටයුතු වල නිරත වන පිරිස් ද සිටීම මෙම වදනටකලු පැල්ලම්  රැසක් එකතු වීමට හේතු වෙලා තියෙනවා. නමුත් ලෝකේ 
සිටින සියලුම හැකරුන් පිරිස ගත්තම  ඔවුන් අතරින් එසේ අපකීර්තිමත් විදිහට  කටයුතු කරන අය ඇත්තේ 
ඉතාම සුළු පිරිසකි. ඇත්තටම 1% වත් නෑ. 

  Hacker කෙනෙකු ඇත්තටම කියන්න පුලුවන් 
වෙන්නේ    යකා කියන තරම් කළු නැති බවය. "


අපි දැන් බලමු Computer Hacker කියන පදය මුලින්ම හැදුනේ කොහොමද? කවුද ඇත්තටම මේ Computer Hacker කෙනෙක් කියන්නේ?  කියලා.

මම ටික ටික කියන්නම්. ඔයාලා අහගෙන ඉන්න.. ආ වැරදුනා. කියවගෙන යන්න. 


Computer Hacker කියන පදය මුලින්ම  අපේ Dictionary එකට ආවේ   1960 දී විතර. 
 ඒ කාලේ  Hacker කියලා කිවුවේ programmer හෙවත් පරිගණක වල ක්‍රියා කරන්න අවශ්‍ය මෘදුකාංග 
 වගේ දේවල්  නිෂ්පාදනයේදී ඒවා කේත (program)කරන්න  දායක වන අයයි .

මම ඒ කාලේ හිටියනම් මමත් සුපිරිම  Hacker කෙනෙක්. මටත් පුලුවන් program හදන්න. මොකද   
මමත්  Vb , HTMl , CSS  programmer කෙනෙක්.  Hikzzzz....

ඇත්තටම programmer කෙනෙක් කියන්නේ අනෙක් අයට  නොසිතෙන  ආකාරයනට  පරිගණකය
දෙස වෙනමම ඇසකින් බලන්න පුලුවන් ඉතාම තියුණු ඇසක් තියෙන අයට. ඇත්තටම මේ මට්ටමට එන්න ගොඩාක් කැපකිරීම් කරන්න ඕනේ. ඒකයි ඇත්තම කතාව.  මෙයාලා තමයි පරිගණක ලෝකේ  ප්‍රමුඛයන් වෙන්නේ......

ඉතාම කුඩා මෘදුකාංගයක සිට පරිගණක ක්‍රියාකාරී පද්ධතියන් ඒ කියන්නේ OS ( operating system) වෙනකම්  නිර්මාණය කිරීමේ හැකියාව එයාලාට තිබුනා.මේ විදිහට ගත්තාම  පරිගණක ලෝකේ  හෙල්ලූ නිර්මාණ බිහි කල ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් , 
ස්ටීව් වොස්නියැක් ආදි ආදී  පරිගනක ලෝකෝ වන්දනීය පුද්ගලයෝත් Hacker කෙනෙක් වෙනවා කියලා ඔයාලට හිතෙන්න ඇති.ඔවුන් පරිගණකය දෙස තෙවෙනි  ඇසකින් බලා , 
 පරිගනකයේ හැකියාවන් පිළිබඳව හඳුනාගෙන ඒ  හැකියාවන් භාවිතා කරලා අලුත්  නිර්මාණ බිහි කරන්නට සමත් අය. 

ඇත්තටම එයාලා නිසා තමයි අද තියෙන තාක්ශනික දියුණුව මෙතරම් පුලුල් වෙලා තියෙන්නේ...

ඔයාලා ඒකට ස්තූති කරන්න ඕනෙ Hacker  ලට තමයි....



Computer Hacker ලා  හැම වෙලාවෙම  පරිගණකය යන උපාංගය පිලිබන්දව කුතුහලයෙන් තමයි ඉන්නේ. Hacker ලා තමයි ඔයාලාගේ OS ( operating system) එකේ හරි වෙනත් ඕනම මෘදුකාංගයක, වැඩසටහනක, පද්ධතියක යම් වරදක් (bug) එකක් ඒ කියන්නේ අදාළ  මෘදුකාංගයක, වැඩසටහනක, හෝ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට යම් සුළු හෝ බාධාවක්  ඇති කරවන දෙයක් අහු උනාම ඒ තැන්හිදී ඒවා නිවැරදි කරන්න  පුලුවන්  patch ආකාරයේ කේතාංකනය කරන ලද file 
 වගේ දේවල් නිර්මාණය කරන්නේත් එයාලා. ඇතැම් ක්‍රියා සඳහා ඔවුන්ට ගෙවීම් ද සිදු කරනවා.

ඔයාලා සමහර Software පාවිච්චි කරන කොට   patch  file  වගේ ඒවා පාවිච්චි කරනවා නේද Full Version එක කර ගන්න. ඒ වගේ patch  file හදන්නේත් මෙයාලාම තමයි. දැන් ඔයාල ට තේරෙනවා ඇති මෙයා ඔයාලාට කොච්චර සේවයක් කරනවාද කියලා. 



හැකර් World
හැකර් World




අපි දැන් බලමු කොහොමද මෙච්චර සේවයක් කරන   Hacker ලට 
කලු පැල්ලම් එකතු උනේ කියලා.


 පරිගණකයේ පරිනාමයත් එක්ක  පරිගණක ඉංජිනේරුවන් වෙන වෙනම පැවති පරිගණක එක් කර  අන්තර්ජාලය  හරහා පරිගණක ජාල පද්ධතියක් සෑදීමට පටන් ගත්තාම  hacker යන වචනයට  නව අරුතක් එකතු වුනා.  එනම් , ඔවුන් තමන්ට අයත් නැති පරිගණකයකට වුවද අන්තර්ජාලය හරහා එකතු කරන ලද පරිගණක ජාල  පද්ධතිය ඔස්සේ පිවිසීමට හැකියාව ඔවුන්ට ලැබුණි. හැකරුන් ගේ නමට කළු පැල්ලම් එකතු වන්නට ගත්තේ  මෙයින් පසුවය. 



මෙසේ අන්තර්ජාලය භාවිතා කරමින් වෙනත් අයෙකුගේ පරිගණකයකට පිවිසීමට ඇති හැකියාව වැරදි ලෙස 
යොදා ගනිමින් , පරිගණක දත්ත සොරා ගැනීමට , පරිගණක වෛරස පැතිරවීමට එක් පිරිසක් පටන් ගත්තේ ඉන් පසුවය. වෙනත්  අයගේ කටයුතු වලට ඇඟිලි ගැසීමට , ඔවුන් අපහසුතාවයට පත් කිරීමට  ඇති කැමැත්ත වැනි අසහනකාරී හැඟීම් තෘප්ත කරන තෝතැන්නක් බවට මෙය පත් කරගත් ඔවුන් ,    එතෙක් කල් හැකරුන් සඳහා තිබු හොඳ නම විනාශ කර දැමීමට සමත් විය. නිවැරදි එය සිය හැකියාවන් 
 යොදා ගන්නා  හැකරුන් පිරිස් එය යොදාගත්තේ තව දුරටත් පරිගණකය නම් මෙම කෘතීම ජීවියා අධ්‍යනය කර,  එය තව දුරටත් සංවර්ධනය කල හැකි ආකාර ගැන කල්පනා කිරීමට වුවත් සුළු පිරිසකගේ පැවති පහත්  තත්ත්වයේ අදහස් නිසා එවැනි නව නිර්මාණ බිහි වුවත් , හැකරුන් යන පදයට ලැබී ඇති කැළල මකා 
 දැමීම තවමත් අපහසු වී ඇත. හැකරුන් හා හැක්කරණය පිළිබඳ තවත් රසබර ලිපියක් සමගින්  ඊලග Post එකේදී හමු වෙමු. එහෙනම් මම ගිහින් එන්නම් . 


 මතක ඇතිව යන කොට Comment  දාලා යන්න.. 

අපේ Facebook page එකට Like කරගෙන ම යන්න්න. 


 Bye Bye  !!


1 comment: