Wednesday, June 15, 2016

Facebook Account සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්ණ වලට පිළිතුරු

Facebook Chat එක වැඩ නෑ.....

ඔයාගෙ FB Account එකේ, Facebook Chat එක හරිහැටි ක්‍රයාත්මක නොවේනම්, ඔබ මුලින්ම කල යුත්තේ, ඔබේ යහළුවෙකුගෙන්, අහන්න, එයාගෙ Profile එකේ Chat එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා, ඔහු කිවුවොත්, ඔව් මගේ එහෙම ප්‍රශ්ණයක් නෑ. එලට වැඩ, හ්ම්, ඒ කියන්නේ, මේ ප්‍රශ්ණය තිබෙන්නේ, Facebook එකේ නෙවෙයි, මේ ගැන මුලින්ම යාළුවෙකුගෙන් අහන්න කිව්වෙ, සමහර වෙලාවට Facebook Technical Problem එනවා, එවන් අවස්ථාවක හැරෙන්න, බොහෝ වෙලාවට, මෙම ප්‍රශ්නය අවොත්, ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, ඔබේ Browser එකේ ප්‍රශ්ණයක්, ඔබ විසින් Browser එකට යොදාගන්න, විවිද Extension හො Script නිසා ඇතිවෙන ප්‍රශ්ණයක්, මෙහිදී ඔබට කල හැකි ක්‍රියාවලි දෙකක් තිබෙනවා.
මුලින්ම ඔබේ Browser එකේ තිබෙන අනවශ්‍ය Extension ටික Disable හෝ Uninstall කර බලන්න. (Browser එකෙහි දැනට බාවිත වන Extension පරීක්ෂා කිරීමට පහත පියවර මගින් පුළුවන)
Chrome – Setting >> Tools Extension
Firefox – Firefox Button >> Add-on (Ctrl Shift A)
ඔබ අනවශ්‍ය Extension සියල්ල Disable කර බැළුවත්, තවමත් Facebook Chat එක ක්‍රයාත්මක නොවේද? එසේනම්, ඔබගේ Web Browser එක Uninstall කර, Install කරගන්න, ඔබට කිසිම ප්‍රශ්ණයකින් තොරව නැතතත් Chat List එක දැගන්න පුළුවන්, ඒ වගේම Chat කරන්නත් පුළුවන්


Friend Request Block කරලා......


මේ ප්‍රශ්ණය ඇති වෙන්නෙ, ඔබ මුහුනු පොතේ ඉන්න අනෙකුත් සාමාජිකයන්ට දිගට හරහට Request කරගෙන ගියොත්, ඔයාගෙ Request Block කරනවා කියන එක අහන්නත් දෙයක් නෙවෙයි,  මෙහෙම වෙන්නෙ මක් නිසාද? ඔබ විසින් යවන ලද Request එක, ලබන්නා, එනම් ඔබ මිතුරු දමක් ඇරබීමට අපේක්ෂා කරන පුද්ගලයා, ඔබේ Request එක Confirm කරන කරන තුරු එය FB එකේ පවතිනේනෙ Pending Request එකක් ලෙසිනි, ඔබ දිගින් දිගට Request මුදා හැරියොත්, ඒ ඇතැම් Request, Confirm වීමට යම් කාලක් ගත වෙනවා, මොකද ඒ Request එක Conform කිරීමට, ඒ පුද්ගලයා FB එකට Log වෙලා ඉන්න ඕනෙ, එහෙත් ඇතැම් අය හිතා මතා තමන්ට පැමිනෙන Request, Confirm නොකර සිටිනවා, මේ වෙලාවට ඔබගේ Pending Request ප්‍රමානට ටිකෙන් ටික ඉහල යනවා, සාමාන්‍ය විදිහට Pending Request 15ට වැඩි උවහොත්, ඔබ Facebook තුල අනෙකුත් Users ලට කරදර කාරී ලෙස හැසිරෙන විදිහට නම් කරනවා, එනම් ස්පෑම් කරනවා, එහිදී ඔබට Block කරනවා, එම Block එක සිදු කිරීමේදී ඔබට දැනුම්දෙනවා දින කාල සීමාවක්, එය ගෙවීයනකම් ඔබට නැවත Request කිරීමේ හැකියාවක් නොමැත, එව දින ගනන, දින 4ක් ප්‍රථම, ඉන්පසු දින 7, දින 14ක්, දින 30ක්, ඉන්පසු සදාකාලිකවම බ්ලොක් කරනවා.......


Friend Request Block එක Cancel කරගන්න පුළුවන්ද?


ඉතින් ඔබත් Request block වෙලාද, මෙහෙම උනොත්, ඔයාට ඔයාගෙ ගිනුමෙහි සිටින යහළුවන් අතරේ පමණක් පණිවිඩ යැවීමද සීමා වෙනවා, ඒ කිවේව, ඔබගේ ගිනුමේ මිතුරෙක්ව සිටින User කෙනෙකුට හැරෙන්න, වෙන කිසිදු User කෙනෙකුට ඔබට Request කිරීමේ හැකියාවත් නොමැත. ඉතින් මෙහෙම Block උනාම, ගොඩක් යාළුවො අපෙන් අහන්නෙ, මේ Block එක Cancel කරගන්න පුළුවන්ද? කියන්න තියෙන්න නම් මෙච්චරයි, මේ බ්ලොක් එක කිසි සේත් Cancel කරන්න බෑ....අවශ්‍ය විකල්ප විසදුම් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ලංකාවෙ නම් Facebook Users ලගෙන් වැඩි ප්‍රමාණය Mobile Users ලා තමයි ඉන්නෙ, ඉතින් මේ Mobile Users ලට පොඩි පිනා පාරක් තිබෙනවා, ඒ කිව්වෙ එයාලගෙ Request Block වීම ගොඩක් අඩුයි. ඔබ පරිගණකයෙන් Log වී Request කල වෙලාවට ඔබගේ Request Block කලොත්, එයට විකල්ප විසදුම් විදිහට Mobile එකෙන් Log වී ඔබගේ යහළුවන්ට Request කිරීමේ හැකියාව තිබෙනවා.


Email එක Hide කරන්නෙ කොහොමද?


ඔබ දන්නවා ඇති, ඔබේ Facebook ගිනුමෙහි හදවත හා සමාන Email එක අන් අය මත පත් උවොත්, ඔබට විවිද කරදර වලට මුහුන පෑමට සිදු වෙනවා, ඒ නිසා අපි අපේ Email එක අපිට විතරක් පේන විදිහට තියාගත්තම අපේ ආරක්ෂාවට හොදයි, ඔය වැඩ කිඩ දන්න අය නම් තියාගත්තට අවුලක් නෑ, මුලින්ම ඔයාගෙ Profile එකට යන්න, Home Page නෙවෙයි, Profile හොදේ, එහි උඩම තියෙනවා, Edit Profile බට්න් එකක්, එක ක්ලික් කරන්න, එවිට අලුත් Web Page එකකට පැමිණෙයි. එහිදී වම් අත පැත්තෙන් තිබෙන Tab වලින් Contact Information ටැබ් එකට යන්න, එහි උඩින්ම ඔබේ Email එක පෙන්වයි, ඒ වගේම Email එකට දකුනු පැත්තෙන් බට්න් එකක් තියෙනවා, ඒක ක්ලික් කරන්න, ලැබෙන මෙනුවෙන් Only Me තොරන්න, පසුව පහල තියෙන Save Changes බට්න් එක ඔබන්න.



Facebook Email එක Change කරන්නෙ කොහොමද?


අපි ගොඩක් දෙනා මේ වන විටත් Facebook Account එකක් හදාගෙන තියෙනවා, එහෙත් අපි Email එක වෙනස් කරගන්න දන්නෙ නෑ නේද?.....ඒක කරගන්න මේ විදිහට, ඔබගේ Facebook Account එකෙහි උඩන්ම තිබෙන ටැබ් තුනෙන් හෝ හතරෙන්, (Home, Profile, Find Friend, Account) මේවායින් Account ක්ලික් කර ලැබෙන මෙනුවෙන් Account Setting තෝරන්න, බලන්න දැන් අලුත් වෙබ් පිටුවක් ලැබෙයි..General ටැබ් එකේ Email එකට ඉදිරියෙන් තියෙන Edit යන්න උඩ ක්ලික් කරන්න.....දැන් ඔබට දකින්න පුළුවන් ඔබ භාවිතා කරන ඊ-මේල් එක...දැන් අපි අලුතින් ඊ-මේල් එකක් අකතු කරන්න නේද? මෙච්චර දුර ගෙවාගෙන ආවේ....හේ හේ....දැන් ඔයාට පේනවා නේද? Add another email කියලා.....ඒක උඩ ක්ලික් කරලා ඔයාගෙ අලුත් ඊ-මේල් එක එකතු කරන්න...Save Changes බට්න් එක උඩ ක්ලික් කරන්න....දැන් අපිට කලින් ඊ-මේල් එක ඉවත් කරන්න බෑ ඒ මොකද? අපි ඒ ඊ-මේල් එකෙන් ලොග් වෙලා සිටින නිසා....ඒකට ඔබ අකවුන්ට් එකෙන් ලොග් අවුට් වෙලා අලුතින් එකතු කල ඊ-මේල් එක දබාදී එකවුන්ට් එකට ලොග් වෙන්න, ඉන්පුසු කලින් විදිහටම Account Setting එකට ගිහින් පැරණි ඊ-මේල් එක Remove කරලා දාන්න......දැන් ඔයාගේ අලුත් ඊමේල් එක primary එක විදිහට ලැබෙයි....දැන් Save Schanges බට්න් එක ඔබට ඔබගේ ඉල්ලීම සනාත කරන්න......


ඔබේ Profile එක හැමෝටම බලන්න බැරි වෙන්න හදන්නෙ කොහොමද?


මේ වැඩේ නම්, ගොඩක් ගැහැනු ලමන් හොයන දෙයක් වෙයි, මොකද එයාල කැමති නෑනේ කොහොමත් ලෝකෙට පේනන ඉන්න, හැංගිලා ඉන්න කැමති අයට පුළුවන් මේ විදිහට Privacy Setting හදාගන්න, ඒ සදහා මුලින්ම ඔබේ Account එකෙන් Privacy Setting වලට යන්න, එහි තිබෙන, How You Connect ඉදිරියෙත් ඇති Edit Setting Link එක ක්ලික් කරන්න, ලැබෙන Window එකේ Who can look up your profile by name or contact info? ඉදිරියෙන් ඇති, Button එක ක්ලික් කරන්න, එහි තිබෙන Option වලින් අපිට අවශ්‍ය එක තොරාගැනීමට පුළුවන්, මෙහිදී සිදු වන්නෙ, Facebook Search Box එකෙහි, ඔබේ නම හෝ, Contact Information ලබා දී, ඔබව සෙවුමක් කලොත්, ඔබව පෙන්වනවද නැද්ද කියන එක තීරණය කරන, කොටසයි, මෙහි Everyone ලෙස ලබා දුන්නොත්, හැමොටම ඔබට දැක ලබා ගන්න පුළුවන්, එසේත් නැතිනම්, Friends of Friend විදිහට දුන්නොත්, ඔබගේ යහළුවෙකුගෙ යහළුවොක් නොවන කෙනෙක් ඔබව Search කලොත්, ඔහුට සොයා ගැත නොහැකි වේ, ඒ වගේම Friends විදිහට තොර ගතහොත්, ඔබට ඔබගේ යාළුවන්ට පමණක් සොයාගත හැක, අන් අයට Search කර සෙවිය නොහැක. මෙහි, අදාලා විදිහට තොරාගෙන, පහල තියෙන Done බට්න් එක ක්ලික් කරන්න.


මුහුනු පොතේ සාමාජිකයන්ගෙන්, ඔබට ලැබෙන Fequest සීමා කිරීම.

ඔබට අසීමිතව, ඔබගේ ගිනුමය ආරධණා ලැබෙනවාද? ඉතින් ඒකට අකමැති අයට කරනන් පුළුවන් දෙයක් තියෙනවා, ඒ තමයි අපිට එවිය හැකි Request ප්‍රමාණය සීමා කිරීම, එවිට ඔබගේ ගිමුමේ සිටින මිතුරන්ගෙ මිතුරන්ට Firends of Friends පමණක්, Request එවිය හැකි ආකරයට සකස් කර ගත හැකිය. මේ සදහා Privary Setting වෙන යන්න, එහි How You Connect ඉදිරියෙන් තියෙන Edit Setting යන්න, පසුව එහි Who can send you friend requests? ඉදිරියෙන් තියෙන බට්න් එක ක්ලික් කරන Friends of Friends විදිහට තොරන්න, පහල තියෙන Done බට්න් එක ක්ලික් කරන්න, එය සාර්ථකයි.


Acccount එකක් Report කරන්නෙ කොහොමද?


මුලින්ම මේ ගැන කියන්න එපැයි, Facebook Account එකක් නිකන් නිකරුනේ Report කිරීමෙන් වලකින්න, මේ දවස්වල අපේ යාළුවන්ට තිබෙන ලොකු ප්‍රශ්ණයක් තමයි, Fake Account, නිතර අසන්න ලැබෙනවා, එයාලගෙ නමින් Fake Account සකස් කර තිබෙනවා, එවාට Report කරන ලෙසින්, එහෙත්, මෙය සමහරුන්ට කිව්වට, නොදන්න අයට මොකක්ද? මේ කියලා හිතෙන්න පුළුවන්, එවගේම හරිහැටි නොදන්න පුළුවන්, ඒ වගේම තව දෙයක්, එකම විදිහට බොහෝ පිරිසක්, Account එකක් සම්බන්ධයෙන් Report කලොත්, මුහුනු පොතේ කාර්යය මණ්ඩලය විසින් එය ඉතා ඉක්මනින් ඉවත් කර දමනවා. ඒක මතක තියාගන්න, ඒ නිසා ඔය Report කරන්න කියලා කියන අය, Report කරන පිලිවෙලත් කිව්වොත්, ඉක්මනින් Account එක Delete කරගන්න පුළුවන්, අපි බලමු Account එකක්ට Report කරන අයුරු, මේ සදහා මුලින්ම අදාලා Account එකට යන්න, එහි Profile Picture එකට පහලින් තිබෙන, Report/Block ක්ලික් කරන්න, එහිදී ඔබට, නව Window එකක් විවෘත එහි මෙයට පහලින් තිබෙන, (Additionally, you may report this profile as the following Opting ටික ටිකක් බලන්න, [නිතර අපිට අසන්න ලැබෙන්නෙ Fake Account සම්බන්ධයෙන්, ඒ නිසා, Fake Account එකකට Report කරන විදිහ ගැන කියන්නම්] මෙහි තිබෙන, මෙම Option එක Select කරන්න, This profile is pretending to be someone or is fake එහිදී ඔබට පහලින් List Box එකක් ලැබයි, එහි Does not Represent a real person විදිහට තොරාදෙන්න, පසුව පහල තියෙන, Countinue බට්න් එක ක්ලික් කරන්න, ලැබන නව වින්ඩෝ එකෙහි, I confirm that this report is correct ඉදියෙන් තියෙන කොටුව තුල හරි ලකුන යොදන්න, පසුව Continue බට්න් එක ඔබන්න, ඔබට Thanks For Your Report කියලා වින්ඩෝ එකක් ලැබෙයි Okay බට්න් එක ඔබන්න. (මෙය Account එකට Report කරන ආකරය, එහි අන්තරගතය අනුව වෙනස් වෙන බව කරුණාවෙන් සලකන්න)


ඔබට කරදර කරන කෙනෙක්ව Block කරන්නෙ කොහොමද?


ඔබට නිතර විතර, යම්කිසි පුද්ගලයෙක් විසින් කරදර කරනවද? එය මාර වදයක් වෙලාද? එහිදී ඔබට පුළුවන්, ඔවුව හෝ ඇයව Block කරන්න, මෙය සිදු කිරීමක් පෙර පරිදිමයි, Block කරන්න අවශ්‍ය කෙනාගෙ Account එකට යන්න, Profile Pic එකට පහලින් තියෙන Report/Block ලින්ක් එක ක්ලික් කරන්න, ඉන්පසු ලැබෙන වින්ඩෝ එකෙන්, Block (Name) ඉදිරියෙන් තියෙන හරි ලකුන යොදන්න පහල තියෙන Countinue බට්න් එක ඔබන්න, ක්‍රයාවලිය සාර්ථකයි.


Block කරපු කෙනෙක්ව Unblock කරන්නෙ කොහොමද?


ඔබ මීට කලින් කවුරුහරි කෙනෙක්ව බ්ලොක් කරලාද? ඒත් දැන් ඒක පව් වැඩේ කියලා හිතෙනවද? ඒ කියන්නෙ සමාව දුන්නා වගේ, හික්, එහෙනම් පව්නෙ, එයාව Unblock කරන්න, නැතිනම් එයාට ඔයාට කවදාවත් දකින්න හම්බෙන්නෙ නෑ, මේ සදහා මුලින්ම Privacy Setting යන්න, එහි පහල තියෙන, Blocked People and Apps ඉදිරියෙන් තියෙන, Manage Blocking ලින්ක් එක ක්ලික් කරන්න, ඉන් පසු, ඔබට අලුත් Web Page එකක් ලැබෙයි, එහි Block users යටතේ ඔයා කලින් Block කරපු අයගෙ නම් ටික දකින්න පුළුවන්, ඔන්න මම නම් කවුරුවත් බ්ලොක් කරලා නෑ, හොදේ... ඒ නම් ඉදිරියෙන් තියෙන Unblock ලින්ක් එක ක්ලික් කරන්න, එහිදී Update Block List එක විවෘත වෙයි, එහි පහල තියෙන Countinue බට්න් එක ඔබන්න. මේ විදිහට ඔයා Block කරපු අයව Unblock කරන්න පුළුවන්.


ඔබගේ ගිනුමෙහි තිබෙන Photos Album වසන් කරමු.


මෙය ඇත්තෙන්ම ඔබ සියළු දෙනාටම වැදගත් වෙයි කියලා හිතනවා, මොකද ගොඩක් අය තම තමන්ගෙ පිංතූර මුහුනු පොතට එකතු කරනවා, ඒ Album සැමට බලන්න පුළුවන් විදිහටත් තියනවා, ඒ නොදනුවත් කන නිසා වෙන්න ඕනෙ, ඔබගෙ ගිනුමෙහි තියෙන පංතූර ඇල්බම Public විදිහට තිබුනොත්, Account එක බලන හැමෝටම බලන්න පුළුවන්, ඒ වගේම Download කරන්නත් පුළුවන්, ඒ නිසා, ඔයාට තරහා කාරයෙක් හෝ, මානසික අසහනයකින් පෙලන පුද්ගලයෙක් ආවොත් ඔයාගෙත් Fake Account හදන්න ඉඩ තියෙනවා, එයගෙන් ආරක්ෂා වෙන්න, ඔබගේ Album වල Privacy Setting සකස් කරගන්න, මේ සදහා මුලින්ම, ඔබේ ගිණුමෙහි තිබෙන, Photos වෙත යන්න, ඉනු පසු අදාලා Album එක උඩ ක්ලික් කරන, එය විවෘත කරගන්න, එහිදි ඔබට මෙහි උඩින් Edit Album ලින්ක් එක දකින්න පුළුවන්, එක ක්ලික් කරන්න, පසුව වින්ඩෝ එකක් ලැබේවි. එහි තිබෙන Privacy: යන්න ඉදිරියෙන් තියෙන බට්න් එක ක්ලික් කරනන්, ඔබට දැකගන්න පුළුවන්, Option කිහිපයක්, Public, Friend සහ Custom විදිහට. සැමට දර්ශණය වන ආකරයෙන් තියා ගැනීමට නම් Public, යහළුවන්ට පමණක් දර්ශණය කරගැනීමට අවශ්‍ය අයට Friends විදිහට තොර ගත හැකියි. ඒ වගේම ඔබට විතරක් මෙය දර්ශණය කර ගැනීමට සහ අවශ්‍ය පුද්ගලයන්ගෙ නම් අනුව එන දර්ශණය කිරීම වැලැක්වීමට Custom යටතට යන්න, එහිදී Make this visible to පහලින් තියෙන List Box එකෙන් Only Me විදිහට ලබා දීමෙන්, මෙය ඔබට හැර අනිත් අයට නොපෙන්වන ආකාරයෙන් තබා ගැනීමට පුළුවන. ඒ වගේම Specific people or list තේරූ විට, පහගින් ගැබෙන Text Box එක තුල අදාලා පුද්ගයන්ගෙ නම් අනුව මෙය Tag කිරීමට පුළුවන, ඒ වගේම පහල තියෙන, Hide this from යටතෙන්, අවශ්‍ය පුද්ගලන්ගෙ නම් ලබා දී අයට මෙය Visible නොවන ආකාරයෙත් තබා ගැනීමේ හැකියාව තිබෙනවා.


දැනට තියෙන Photo Album එකක් Delete කරන්නෙ කොහොමද?


මේ සදහා මුළුන්ම ඔබේ Delete කරන්න අවශ්‍ය Album එක වෙන පිවිසෙන්න, ඉන් පසු එහි උඩින් තිබෙව, Edit Album ලින්ක් එක ක්ලික් කරනන්, පසුව ලැබෙන වින්ඩෝ එකෙහි, පහලම තිබෙනවා Delete Album ලෙස සටහන් වූ ලින්ක් එකක්, එය ක්ලික් කරන්න, එහිදී ඔබගෙන් Are you sure you want to delete විදිහට විමසයි, එහි තිබෙන Delete බට්න් එක ක්ලික් කරන්න, ඔබේ Album එක සාර්ථකව Delete කර අවසනය.


Group එකකින් ඉවත් වෙන්නෙ කොහොමද?


මේ සදහා ඔබට කල හැකි ක්‍රියාකරකම් දෙකක් තියෙනවා, එකක් ග්රූප් එකේ දැනට සිටින ඇඩ්මින් කෙනෙකු දැනුවත් කිරීමට පුළුවන්, ඔබව මේ ග්රූප් එකෙන් ඉවත් කරන ලෙස, එසේත් නැතිනම්, ඔබට පුළුවන් ග්රූප් එකෙන් Leave වෙන්න, ඒ සදහා ඉවත් වීමට අවශ්‍ය ග්රූප් එකට යන්න, ඉන් පසු දකුනු අත පැත්තෙ තීරුවේ ටිකක් පහලට වෙන්නෙට Leave Group ලින්ක් එකක් තිබෙනවා, එක ක්ලික් කර ග්රූප් එකෙන් ඉවත් වන්න.


ඔබ් දැනට තියෙන Group එකක් ඉවත් කරන්නෙ කොහොමද?


මේ සදහාත්, අපිට කල හැකි ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා, එහෙත් එකක් ටිකක් අමාරු වැඩක්, ඔබ විසින් සකස් කරන ලද හෝ ඇඩ්මින් කරයෙකු වශයෙන් කටයුතු කරන ග්රූප් එකක් ඔබට මුහුනු පොතෙන් ඉවත් කල හැකියි, ඒ සදහා ඔබට ඔබේ ග්රූප් එකේ ඉන්න සාමාජිකයන්ගෙන් ග්රූප් එකෙන් Leave වෙන ලෙස ඉල්ලන්න පුළුවන්, එහෙත් හැමෝම ග්රූප් එකෙන් Leave නොවුවොත්, ග්රූප් එකෙන් ඉවත් වෙන්නෙ නෑ, ඒ නිසි ටිකක් අමාරු වැඩක්, මෙහි අනිත් විකල්පය තමයි ග්රූප් එකෙන් සාමාජිකයන් ඉවත් කිරීම, ඒ සදහා අදාල ග්රූප් එකට යන්න, Members වෙතට යන්න, ඉන් පසු එහි සිටින සාමාජිකයන් එකින් එක ඉවත් කල යුතුයි, ඔබ ඉතුරු වෙන්න අනිත් සිල්ලම ඉවත් කල විට, අන්තිමට Delete Group කියලා වැටෙනවා, ඒක ක්ලික් කරලා, ග්රූප් එක Delete කරගන් පුළුවන්.


Account එකෙන් Log Out වෙලා සිටියත් අනිත් අයට Online පෙන්වනවා.


මෙය සිදුවන්නෙ, ගොඩක් වෙලාවට Mobile Users ලට, මොකට මෙයාලා Chat එකට ලොග් වෙන්නෙ eBuddy හෝ Nibuzz වගේ Application එකක් බාවිත කරලා, මුහුනු පොතේ සිදුවූ අලුත් අප්ඩේට් එකත් එකක් මේ ප්‍රශ්ණය ආවා, ඔබ ලොග් වූ Application වලින් Log Out නොවීම නිසා ඔබව Online පෙන්වනවා, ඒ වගේම මෙය තතර කර ගැනීමට නම් අනිවාරයෙන්ම Chat එකෙන් Log Out විය යුතුයි, ඔබ Log Out විදිහට පෙන්වනවනම් එය Facebook ප්‍රශ්ණයක්.


Facebook Account එක Hack වෙන එක නවත්වගන්නෙ කොහොමද?


මේ සදහා මේ ලිපියෙහි ලිවීම ටිකක් අපහසුයි, ලිපිය ටිකක් දික් දැස්සෙනවා, ඒ වගේම පැහැදිලිව මෙය ඔය දැනගත යුතුයි, ඒ නිසා මම තීරණය කලා මෙයට ලිපියක් ලබා දෙන්න, ඔයාලගෙ Account වලට තර්ජන කේස් වැඩි නම් පුළුවන් මේ විදිහට කරගන්න, Login Approval Activate කරගන්න, මේ ගැන මේ ලිපියෙන් වැඩි විස්ථර දැන ගන්න, (හැබැයි මේ දවස්වල මේ Code එක Mobile එකට එන්නෙ නැ කියලා පොඩි ප්‍රශ්ණ තිබෙනවා)




Facebook Fan Page එකක් හදාගන්නෙ කොහොමද?


ගොඩක් දෙනෙකුට මේ ප්‍රශ්ණය නැතුව ඇති, එහෙත් තියෙන අයට දැනගැනීමට මේකත් කියන්නම්, මේ Page එකක් සකස්කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ලින්ක් එකක් භාවිත කරන්න පුළුවන්, නැතිනම්, ඔබගේ ඔනෑම Facebook Page එකක පහලට පැමැනි විට, දකින්න පුළුවන්, පහත විදිහට


About · Advertising · Create a Page · Developers · Careers · Privacy · Terms · Help


මෙහි Create a Page ලින්ක් එක ක්ලික් කරලා, ඔබටත් Fan Page එකක් සකස් කරගැනීමට පුළුවන්, එසේත් නිතනම්, ඔබට පහල ලින්ක් එකෙන් Page එකක් Create කරගැනීමට පුළුවන්
https://www.facebook.com/pages/create.ph...sitefooter


Chat List එක Group කරන්නො කොහොමද?


මුළුන්ම මේ ග්රූප් හැදිල්ලෙ තේරුම කියන්න වෙයි නේද? අපේ Account එකේ ඉන්න යාළුනො, ගනන ගොඩක් වැඩි වෙන්න පුළුවන්, ඒ කිව්වෙ මාක් මාමා අපට උපරිම 4999ක් යාළුවො එකතු කරගන්න දෙනවනෙ, ඒත් මේ අයගෙන් දවසට Online 200ක් විතර වත් ආවොත් Chat කරන්න කොහොමද? එපා වෙයි ඇ, දන්න හොයදුන අය හැමෝම අකවුන්ට් එකේ ඉන්න නිසා ටිකක් අමාරුයි චැට් එක, ඒ නිසා අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා, ඒ තමයි Chat List එක Group කරන එක, මෙහිදී අපට අවශ්‍ය Chat Group එක Online කිරීමටත්, Offline කිරීමටත් පුළුවන් නිසා, කැමති අයත් එකක් විතරක් චැට් කරන්න පුළුවන්, අපි බලමු මේවා කොහොමද හදාගන්නෙ කියලා.


Facebook Account එකක් Deactivate කරන්නෙ කොහොමද?


ඔබේ Facebook Account එක ඕනෑම මොහොතක Deactivate කරන්න පුළුවන්, මෙහිදී වෙන්නෙ තාවකාලිකව අත්හිටුවීමක්, ඔබේ Account එක Deactivate කල පසු ඔබට මුහුනු පොතෙන් අතුරුදහන් වී යනවා, ඒ වගේම ඔබ විසින් සකස් කර දීපු Application, Fan Page, Group වලින්ද ඔබට අතුරුදහන් වෙනවා, ඒ වගේම Admin තරතුර දරන්නේ නම්, එයද තාවකාලිකව අහෝසි වී යනවා, ඒ වගේම ඔබ නැතව මෙය Active කලොත් ඒ සියල්ල නැවත ඔබට ලබා ගත හැකියි, Account එක Deactivate කිරීමට, ඒ අවශ්‍ය Account එකෙන් Log වෙලා Account Setting වෙතට පිවිසෙන්න, ඉන් පසු එහි තිබෙන Security Tab එකට යන්න, එහි පහල තියෙනවා, Deactivate your account. ලින්ක් එක, ඒක ක්ලික් කරන්න, එහිදී ඔබගෙන් අසයි ඇයි ඔබ මේ Account එක Deactivate කරන්නෙ කියලා, එයට පිළිතුරු ලබා දී Profile එක Deactivate කරගන්න (Deactivate කිරීමෙන් පසු තැවත ලබා ගැනීමට අවශ්‍ය නම් Username සහ Password ලබා දී Log වූ ටිට Account එක නැතව ReActive වෙන බවත් මතක තබා ගන්න.


Facebook එකෙන් Account එකක් Delete කරන්නෙ කොහොමද?


මේ සදහා අපිට Link එකක් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා, ඒ වගේම මෙහිදී නැවත Account එක ලබා ගැනීමේ හැකියාවක් නොමැත, එයත් මතකේ තබා ගන්න, ඔබට Account එක එපා වෙලානම් Delete කරන්න පුළුවන්, මේ ලින්ක් එකට යන්න, https://www.facebook.com/help/contact.ph...te_account එහි තිබෙන Submit බට්න් එක ක්ලික් කරලා ඔයාගෙ Account එකට මුහුනුපොතෙන් සමු දෙන්න පුළුවන්



එහෙනම් අපි ගියා.....ජය ශ්‍රී !!  

0 comments:

Post a Comment